යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ පිරිසකට අවවාද කල තිදරු පියෙකුට ඊයේ (09) පස්වරුවේ හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදී ඇති පුවතක් වාද්දුව වේරගම ප්‍රදේශයෙන් වාර්තාවේ.
ඉකුත් (07) දා පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී 19 හැව්රිදි දුලාංජ හේෂාම් තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (09දා) පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදුකරන ලදී.
එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි තිහක පමණ පෙලපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන්ද සංදර්ශන ඉදිරිපත් කර තිබේ.
ඒ දෙස බෝහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එහෙත් එහි රැදී සිටී තිදරු පියෙකු එයට විරෝධතාව පලකර තිබේ.
එයින් උරණවූ තරුණයන් පනහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ දෙදරු පියාට අතින් පයින් සහ හෙල්මට් වලින් පහරදී ඇති බවත් ප්‍රදේශයේ කිහිප දෙනෙක් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහුව බේරාගත් බවත් සිද්ධිය ඇසින් දුටූවන් පැවසීය.
ශරීරයේ ස්ථාන රැසකට පහර එල්ලවූ තිදරු පියා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ. සිද්දිය සැලවීමත් සමගින් වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සුමිත් පොතුපිටිය




