අපුර නියගය නිමා කරමින් තද වැසි
අනුරාධපුර දිස්ත්රික්කයට මාස ගණනාවක් පැවති නියං තත්වය පහව යමින් ඊයේ (11) සවස ප්රදේශ කීපයකට වැසි ඇද හැළුණි.
පසුගිය මාස කීපයක් පුරා වැසි නොමැති වීමෙන් අනුරාධපුර දිස්ත්රික්කය පුරා පැවති දැඩි නියං කාළගුණක් පැවති අතර, ඒ හේතුවෙන් කුඩා පරිමාණ වැව් රැසක් සිදී ගොස් තිබිණි.
.දිස්ත්රික්කය පුරා පරිසර උෂ්ණත්වයද පසුගිය කාළය පුරා ඉහළ අගයක් ගෙන තිබිණි.වර්ෂාව හේතුවෙන් පරිසරයේ වෙනස් වීමත් සමඟින් පක්ෂීන් ඇතුළු සතුන් එහි සතුට විඳින ආකාරයද දැක ගත හැකි විය.
කෙසේ වෙතත් මාස ගණනාවකට පසුව අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට ඊයේ (11) සවස් වරුවේ සුළං සමගින් තරමක වර්ෂාපතනයක් ඇද හැලුණු අතර, අද (12) දිනද වැසි බර කාළගුණයක් දිස්ත්රික්කය පුරා පවති.
දිගු කාලයකට පසුව අනුරාධපුරයට ඇදහැලෙන වර්ෂාව ලැබීමත් සමග වැසි ජලය හිඟ වීමෙන් හානි වෙමින් පැවති ගොවිතැන් පිළිබඳ නැවත බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ගොවීන් පවසති.
popular news
-
Kumar Monday, 14 August 2023 01:44 AM
chandrika daththa anuwa labana paya 24 athulatha wasiwasinnay nathiwagayi penenney.
Reply : 89 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

