රජරට මෙන්ම මුළු රටටම බලපෑ ඇති දැඩි නියඟය හේතුවෙන් පීදෙන ගොයම ආරක්ෂා කර ගැනීම සඳහා 'නිසි කලට වැසි වසීවා, කෙත් වතු සරු සාර වේවා'යි ප්‍රාර්ථනා කරමින් වැසි පිරිත් සජ්ජායනා කිරීමේ ආගමික වැඩසටහනක් ඊයේ (9දා) පස්වරුවේ දී ඓතිහාසික රුවන්වැලිසෑ චෛත්‍යය අබියසදී විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුනවැවේ ඥානතිලක නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා මහවැලි අධිකාරියේ එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පැන් කල රැගෙන පෙරහරකින් පැමිණි මහවැලි එච් කලාපයේ තඹුත්තේගම , තලාව , එප්පාවල , නොච්චියාගම, ගල්නෑව , මීගලෑව සහ මහඉලුප්පල්ලම ප්‍රදේශවල ගොවි, ගෙවිලියන් දහසකට අධික පිරිසක්, මහවැලි අධිකාරියේ සේවක පිරිස් මෙම ආගමික වැඩසටහන සඳහා එක්ව සිටියහ.
මහවැලි එච් කලාපයේ පමණක් කුඹුරු හෙක්ටයාර 25000ක ප්‍රමාණයක පීදෙන ගොයම, වැව් වල ජලය නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වීමේ දැඩි අවදානමක් ඇති බව මෙහිදී ගොවීහු පැවසූහ .
තඹුත්තේගම ජාතික පාසලේ විදුහල්පති, දුටු ගැමුණු ශ්‍රී බෞද්ධ මධ්‍යස්ථානාධිපති සාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මහමාන්කඩවල ධම්මසිරි නා හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනය සිදු කළහ.