saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4130 hours ago

LATEST

කිසිදු ඖෂධයක් වරායේ රඳවාගෙන නෑ

calendar_today 2023 පෙබ 23 - 16:20 remove_red_eye - 145  

බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ මෙම කණ්ඩායම් දෙකේම යොවුන් ක්‍රීඩකයින් දෙපළක් පිළිබඳව වැඩි අවධානයක් ක්‍රිකට් පිටියේ යොමුවී ඇත.

Read More

උඩරඩ මැණිකේ දුම්රියේ ගමන්ගත් විදේශ කාන්තාවකට 21 දින සවස සෙරෙප්පු වකින් පහරදුන් බව කියන පුද්ගලයෙක් අද (23) දින උදෑසන අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම වලක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර් විජේසුන්දර ගොනු කල රිට් පෙත්සම මැයි 11 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

Read More

පොල් වගාව ප්‍රමුඛ ඒ ආශ්‍රිත වගාවන්ට ඇතිවී තිබෙන සුදු මැස්සා උවදුර මර්ධනය සදහා කඩිනම් ප්‍රතිඵල ලගා කර ගැනීමේ අරමුණෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් පෙබරවාරි 22 වෙනිදා සිට 28 දක්වා සතියක විශේෂ වැඩසටහන් කාලයක් ප්‍රකාශයට පත්කෙරිණි.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් හා තමන් අතර කඹ ඇදීමක් හෝ තරගයක් නැති බව කණ්ඩායමේ නව පුහුණූකරු ලෙස වැඩ භාරගත් චන්දික හතුරුසිංහ පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව)සභාපති ධුරයට දෙවැනි වරටත් වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය.

Read More

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවිගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උන්ඩ එකසිය විස්සක් සහිත මැගසින් හතර අගුරුවාතොටකෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී සොයාගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (23දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ.

Read More

නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් නාවික හමුදා මැරීන් බළඝණය විසින් සිදුකරනු ලබන වෙරළ හා කලපු ආශ්‍රිත ආරක්‍ෂක මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සහ නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව සිදුකරනු ලබන නීති විරෝධී කටයුතු මැඩපැවත්වීමේ මෙහෙයුම් ඇතුළු මෙහෙයුම් කටයුතු වෙනුවෙන් මෙම රථ ඉදිරියේදී කාර්යක්‍ෂම හා ඵලදායි ලෙස යෙදවීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

Read More

විපක්ෂය මොකක්ද කියන්නේ. වියදම වැඩි කරන ක්‍ර මේ කියන්නෙත් නෑ. ආදායම වැඩි කරන ක්‍ර මේ කියන්නෙත් නෑ. දියව්, දියව්, දියව්. කොහොමද යකෝ දෙන්නේ. දෙන්න තියෙනවනම් දෙනවා. දෙන්න පුළුවන් නම් ක්‍ර මේ කියන්න. විකල්පය කියන්න

Read More

මුදල් කාරක සභාවේ සභාපතිධුරයෙන් තමන් ඉවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කරයි.

Read More

2022/23 මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට සහන සැලසීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දුන් මුදල් ගිණුම්වලට බැර කිරීමේ දී ඇතැම් නිලධාරින් විසින් හිතාමතා වැරදි ගොවි ගිණුම් අංක ලබා දී ඇති බව ‌ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඡන්දයක් නොමැති බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය හා ආණ්ඩුනේ ස්වාධීන වූ මන්ත්‍රීවරු සභා ගැබ මැදට පැමිණ විරෝධය දැක්වීමට කටයුතු කළේය. ඒත් සමගම ජනපතිවරයා සභා ගැබෙන් ඉවත්ව ගියේය.

Read More

විවාදය ඉල්ලුවේ අත්‍යාවශ්‍ය සේවා ගැන නෙමෙයි. විවාදය ඉල්ලුවේ ඡන්දේ කල් දානවා කියලා. ඡන්දෙ කල් දාලා නෑ. කල් දාන්න ඡන්දයක් නෑ. (ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හිනා)

Read More

එළඹෙන සැප්තැම්බර් මස ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බිතරගාවලියේ ශූරයන්ට පිරිනැමීමට නියමිත කුසලානය ඊයේ (22දා) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී මහජන ප්‍රදර්ශනය සඳහා තැබිණි.

Read More

’’ මම මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාට පණිවිඩයක් දුන්නා ඔබතුමා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න එපා ඔබතුමාව බිල්ලට දෙයි කියලා. එතුමාව පාර්ලමේන්තුවට ගෙනාවේ මම. මම බැලුවේ එතුමාව කොහොම හරි පාර්ලිමේන්තුවේ තියාගන්න’’

Read More

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය ඇමතීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණියේය.

Read More

ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සතිදෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ රටවල් උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ස්ථාන හයක් පසුපසට පැමිණ තිබේ.

Read More

පාර්ලිමේන්තුවටත් මන්ත්‍රීවරුන්ටත් හානිකරන අන්දමේ ඉතා විශාල මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වැනිදා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයන් රැසක් නඩු මගට පිවිස තිබේ.

Read More

ඉන්දියානු ප්‍රමුඛ පෙළේ සමාගමක් වන අදානි සමාගම, ශ්‍රි ලංකාවේ මන්නාරම් ප්‍රදේශයේ සහ පුනරින් වල සුළං විදුලි බලාගාර දෙකක් සදහා ව්‍යාපෘති අනුමැතිය ලබා ගනී. මෙහි ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 442 කි.

Read More

කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වට්ස්ඇප් සමාජ මාධ්‍යයය භාවිතා කිරීමට සිඩ්නි අධිකරණය අවසර ලබාදී ඇත.එමෙන්ම ඔහුට රාත්‍රී කාළයේදී තමන් රැඳී සිටින නිවසින් පිටට යාමටද මෙහිදී අධිකරණය විසින් අවසර ලබාදී ඇත.

Read More

පවතින අයහපත් ආර්ථික වතාවරණ යටතේ පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23දා) විභාගයට ගැනිමට නිමිතය.

Read More

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝට පහරදීම පිළිබඳ අත්අඩංගුවට ගත් කාන්තාව එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහුට ලිංගික අතවර චෝදනා එල්ල කොට ඇත. සප්නා ගිල් නැමති මෙම කාන්තාව ඇතුළු තිදෙනෙකු මෙම ගැටුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

Read More

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙසින් හැඳන්වෙන සානියා මීර්සා වෘත්තීය ටෙනිස් පිටියට සමුදුන්නාය

Read More

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.

Read More

රජයේ රෝහල් වෙත අවශ්‍ය ඉන්ධන ලීටර් මිලියන 20ක් පරිත්‍යාග කිරිමට ජපානය ඉදිරිපත්ව තිබේ. ඇමෙරිකානු ඩොලර් මීලියන 46ක වටිනාකමක් සහිත මෙම ප්‍රදානය වෙනවෙන් හුවමාරු පත්‍ර වෙත අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා අතර සිදුවිය.

Read More

’’මම ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ වායු සමීකරණ බිල අඩු කර ගන්න වායු සමීකරණයක් අපට අවශ්‍ය නෑ කියලා. කෝවිඩ් සමයේදී අපි වායු සමීකරණ නැතිවයි මේ සභාව ගෙන ගියේ. අවශ්‍ය නම් මධ්‍යහන වෙලාවේ පමණක් කෙටි කාලයක් තුළ වායු සමීකරණ පාවිච්චි කරන්න. මෙතන ඉන්නේ 80%ක් සාමාන්‍ය පවුල්වලින් ආපු අය. ඒ අනුව අපි හැදුනේ වැඩුනේ එයාර් කන්ඩිෂන්වල නෙවෙයි. ඒ නිසා අපට පුළුවන් එයාර් කන්ඩිෂන් නැතිව මේ සභාව ගෙනියන්න.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.