සැප්තැම්බර් මස අග වන විට දිවයින පුරා වෙලදපොල මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරන බව සිනොපෙක් සමාගම පවසයි.
එමෙන්ම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට දැක්වූ අභිප්‍රාය එලෙසම ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුල ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම සමාගම සඳහන් කරයි.
සිනොපෙක් සමාගමේ මෙරට ඉන්ධන බෙදා හැරීමේ සමාගමේ සහ සිනොපෙක් පිරිපහදු සමාගමේ නිලධාරින් සමග සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණ.
ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් කටයුතු වල ප්‍රගතිය, ඉන්ධන පිරවුම්හල් බෙදා හැරීමේ නියෝජිතයන් සමග ගිවිසුම්ගත වීමේ ප්‍රගතිය, සිනොපෙක් සන්නාම කටයුතු පිළිබඳව මෙන්ම දිවයින පුරා සිදුකිරීමට නියමිත වෙලදපොල කටයුතු ආරම්භය කිරීම සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කළහ.