ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘ඒ-’ ඉහළ ශ්‍රේණිගත කිරීමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Global Finance Report Cards 2023 මගින් උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය මත පදනම්ව රටවල් 101ක මහ බැංකු අධිපතිවරුන් 'A' සිට 'F' දක්වා වර්ගීකරණය කර ඇති අතර එහිදී නන්දලාල් මහතාට මෙවැනි ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලැබි තිබේ.
සඟරාව 1994 සිට මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරමින් පවතිය.
ශ්‍රී ලංකාවේ උද්ධමනය 2022 දී වාර්තා වූ ඓතිහාසික ඉහළ මට්ටම්වල සිට මෑත මාසවලදී අපේක්ෂිත මධ්‍ය-තනි ඉලක්කම් මට්ටමට නැවත පැමිණ ඇත, පොලී අනුපාත සාමාන්‍යකරණය වෙමින් පවතින අතර විනිමය අනුපාතිකයේ අස්ථාවරත්වය සීමා කර ඇත. ආයෝජකයින්ගේ හැඟීම් තහවුරු කරමින් 2023 අග භාගයේ සිට ආර්ථිකය ධනාත්මක වර්ධනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.
