ආණමඩුව වෙම්බුවැව වෙල්යායෙ වල් ඌරන් මැරිම සදහා අටවා තිබු නිති විරෝධි විදුලි රැහැනක පැටලුන සද්ධන්ත ඇතෙකු විදුලි සැර වැදි එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව පුත්තලම වනජීවි පාලන ඒකකය කියයි.
ප්‍රධාන මාර්ගයෙ දිවෙන අධි බලැති 33000 ධාරිතාවයකින් යුත් විදුලි රැහැන් පද්ධතියට සෘජුව වයර් යොදා ඉන් පසුව අඩි දහසකට ආසන්න දුරකට බයිඩින් කම්බි වෙම්බුවැව වෙල්වාය මැදින් ඇදගෙන ගොස් කුඹුරු යායෙ කෙළවරක වල් ඌරන්ට උගුල් අටවා තිබු බව වනජීවි නිළධාරීහු පවසති.
එසේ වල් ඌරන්ට අටවා තිබු මෙම නීති විරෝධී විදුලි රැහැන හරහා ගමන් කරමින් සිටි සද්ධන්ත ඇතේකු පැටලී ඇති බවත් කියයි.
මෙසේ ඌරන්ට අටවා තිබු නීති විරෝධි විදුලි රැහැන ඇතාගෙ සොඩෙහි පැටලි ඇති බවත් ඒ සමගම ඇතා බිම පතිත වී විනාඩි ගනනාවක් දැඩි වේදනාවක් විදමින් මරණයට පත්වි ඇති බව වනජීවි නිළධාරීහු පවසති.
විදුලි රැහැන සොඩෙහි පැටලීමත් සමග සොඩ දරුණු ලෙස පිලිස්සී අධික ලෙස රුධිරය වහනය වී තිබෙනු දැක ගත හැකිවිය.
මෙසේ අවාසනවාන්ත ලෙස විදුලි රැහැනෙ පැටලි මරණයට පත්ව ඇත්තේ අවුරුදු 45 ක් පමන වයසැති අඩි 10 කට ආසන්න දැවැන්ත ඇතෙකී.
ගම්වාසින් පවසන්නේ අවස්ථා ගනනාවකදී මෙම හස්තියා ගම්මානයට කඩා වැදි තිබුනද කිසිම අවස්ථාවක කිසිවකුටත් හානි කර නොතිබු බවයි.
මෙම සද්ධන්තයාගෙ පාදයට සති කිපයකට පෙර වෙඩි වැදි අසාධ්‍යව ආණමඩුව තෝණිගල ප්‍රදේශයෙ සැරිසරමින් සිටියදී වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා ඇතුළු නිළධාරින් විසින් ප්‍රතිකාර ලබා දීමෙන් පසු නැවත ක්‍රමයෙන් යහපත් තත්වයට පත්ව ආහාර හා ජලය සොයා ගමන් කරමින් සිටියදී මෙසෙ විදුලි සැරට ලක්වි ඇති බව කියයි.
ප්‍රධාන මාර්ගයෙ විදුලි රැහැන් වලින් නීති විරෝධි ලෙස විදුලිය ලබා ගෙන ඌරන්ට අටවා තිබු බවට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හදුනා ගෙන ඇති බවත් ඔවුන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වනජීවි නිළධාරීහු පවසති.
අදාල ප්‍රදේශයෙ ජනතාව පවසා සිටියෙ මෙම ප්‍රදේශයෙ වනසතුන් දඩයම් කිරීම සදහා නිරන්තරයෙන් බැදින කදන් අටවන පිරිස් වැඩි බවත් එසේම මේ අයුරින් විදුලි රැහැන් සකස් කරමින් සතුන් දඩයම් කරනු ලබන පිරිස් විශාල පිරිසක් සිටිම නිසා ජන ජීවිතය බරපතල අවධානමකට ලක්කර ඇති බව කියයි.
විදුලි සැර වැදි මරණයට පත්ව තිබු ඇතාගෙ මරණය සම්බන්ධ මරණ පරික්ෂණය වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා විසින් 3 දින සිදුකරන බව වනජීවි නිළධාරීන් පවසයි.



