ශ්‍රී ලංකාව සදහා වන ජාතික හයිඩ්රජන් මාර්ග සිතියම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී නිකුත් කර තිබේ.
මෙරට ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සහ ඉන්දියානු ග්රීන්ස්ටන්ට් හයිඩ්රජන් ආයතනය එක්ව පිළියල කල මෙම සැලසුම සදහා ජාත්‍යන්තර සබදතා සදහා වන අමෙරිකානු ඒජන්සියේ (USAID) සහයෝගය ලබාදී තිබිණ.
බලශක්ති සුරක්ෂිතභාවය සහ බලශක්ති ස්වාධීනත්වය, බලශක්තිය බෙදීයාමේ සමානාත්වය සහ අවම මිලකට බලශක්තිය මිලදී ගැනීමට අවස්ථාව උදා කිරීම මෙන්ම ඉන්ධන භාවිතයෙන් සිදුවන පාරිසරික බලපෑම් අවම කිරීම යන කරුණු සාක්ෂාත් කිරීම සදහා හරිත හයිඩ්රජන් වැඩසටහනේ අවශ්‍යතාව රජය අවබෝධ කරගෙන ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
සූර්ය සහ සුලං ප්‍රභව මගින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කර හරිත හයිඩ්රජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතින අතර එමගින් කාබන් උදාසීනත්ව ඉලක්ක, පුනර්ජනනීය බලශක්ති ඉලක්ක, පාරිසරික ඉලක්ක සහ දේශගුණ විපර්යාස අවම කිරීමේ ඉලක්ක වෙනුවෙන් දායකත්වය ලබා දිය හැක.
පසුගිය සතියේදී එලිදැක්වූ අක්වෙලරල සුලං බලශක්ති මාර්ග සිතියම සමගද ඒකාබද්ධ වෙමින් හරිත හයිඩ්රජන් පරිවර්තනයක් වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කිරීමට නියමිතය.