වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් මේ රටේ පත් නොවන්නට ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් නිමා නොවනු ඇති බවත් රටේ පවතින ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි බව ක්‍රියාවෙන් ඔහු ඔප්පු කොට තිබෙන බැවින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තවත් අවස්ථාවක් ලබා දිය යුතු යැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසයි.
ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (02) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි .
වත්මන් ජනාධිපතිවරයාවසර දෙකක් වැනි කෙටි කාලයකට ජනාධිපතිවරයා වශයෙන් පත් වුවත් එම කෙටි කාලය තුළ නිවැරදි නායකත්වයක් රට හමුවේ පිළිබිඹු කර තිබෙන බැවින් ඒ මහතාට තවත් අවස්ථාවක් ලබාදිය යුතු යැයි තම ස්ථාවරය බවද පැවසීය .
නැගෙනහිර ජනතාව අතර සංහිඳියාව ඇති කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කොට තිබෙන බවත් සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව සාමයෙන් සමගියෙන් ජීවත්වන පරිසරයක් ගොඩ නැගීම තම අරමුණ බව දඒ මහතා පැවසීය .
තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා වීමෙන් පසු නැගෙනහිර වෙසෙන සිංහල දෙමළ හා මුස්ලිම් වැඩිහිටි කණ්ඩායම් අතර යම් යම් සැක පවතින බවත් ඒ සියල්ල නැති කර සියලු ජාතීන් අතර සමගිය තහවුරු කිරීම තම අරමුණ බව පැවසූ ඒ මහතාතරුණ ප්‍රජාව අතරඑවැනි සැක සංකානොමැති බවද පැවසීය .