මැලේරියා රෝගය වැළඳුණු යුද හමුදා සෙබලෙකු අනුරාධපුරයෙන් සොයා ගැනුණු බවත්, විදේශ ගතව සිට පැමිණ සිටි මෙම සෙබලා, මේ වන විට අනුරාධපුර පිහිටි වික්ටරි යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බව අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.
මෙසේ සොයා ගෙන ඇති මැලේරියා රෝගියා සුඩානයේ සිට මීට මාස 6කට පෙර ලංකාවට පැමිණි ශ්‍රී ලංකා හමුදා සෙබලෙකි.ඉකුත් පෙබරවාරි මාසයේ ලංකාවට පැමිණ ඇති මෙම සෙබලා මාස හයක පමණ කාලයක් රට තුල ගත කිරීමෙන් පසු මෙසේ මැලේරියා රෝගය වැළඳීම විශේෂත්වයකි .
ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය 2016 වසරේ සම්පූර්ණයෙන්ම තුරන් කර තිබූ අතර ඒ සඳහා ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකයද ලැබී තිබිණි.
මේ වසරේ ලංකාවේදී සොයා ගත් තිස්වන මැලේරියා රෝගියා මොහු වන අතර මේ මැලේරියා ප්‍රභේදය ලංකාවට ආවේණික මැලේරියාව නොවන අතර මෙය විදේශීය රටවල පවතින මැලේරියා ප්‍රභේදයක් බවත් මෙතෙක් වාර්තා වී ඇති මැලේරියා රෝගීන් තිස් දෙනාම විදේශ වල පවතින මැලේරියා ප්‍රභේද සහිත වූවන් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වසරේ පෙබරවාරි ලංකාවට පැමිණ ඇති හතළිස් හැවිරිදි මෙම සෙබලා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඉකුත් 21දා, දින දහයක නිවාඩුවකට අනුරාධපුරයට පැමිණ සිටියදී මෙලෙස සොයා ගෙන තිබේ.
දින දෙකක් තිස්සේ මොහුට අධික සීතල සහිත උණ හිසෙහි කැක්කුම, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තිබී ඇති අතර විදේශගතව පැමිණි රෝගියකුට මේ ලක්ෂණ සහිතව සිටින බවට අනුරාධපුර මැලේරියා මර්දන ඒකකයට වාර්තා වීමෙන් පසු වූ වහාම ක්‍රියාත්මක වී ඉකුත්දා 29 එම ඒකකය මගින් රුධිර සාම්පල් පටල පරීක්ෂාවක් සිදු කිරිමෙන් අනතුරුව ඔහුට මැලේරියාව වැළඳී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය කාර්යාලය පවසයි.
මේ වන විට එම රෝගී සෙබලා අනුරාධපුර අනුරාධපුර වික්ටරි යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගය සුව වෙමින් පැවතියද මේ වන විටත් එම හමුදා රෝහල් සේවකයින් සහ ඒ ආශ්‍රිතයින් දෙසිය තිහකගේ රුධිර සාම්පල මේ වන විට පරික්ෂා කර ඇතැයි වාර්තාවේ.
අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසල් කීපයක් මෙම රෝහල ආසන්නයේ පවතින බැවින් පාසල් ළමයි දස දහසකට ආසන්න ළමුන් පිරිසක් එම පාසල්වල ඉගෙනුම ලබති.
ඩෙංගු වැනි උණ රෝග පිළිබඳ පමණක් පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කර ඇති බැවින් මෙවැනි රෝග ලක්ෂණ දුටු වහාම ආසන්නම රුධිර පරීක්ෂා කල හැකි මධ්‍යස්ථානයකින් රුධිරය පරීක්ෂාව සිදු කර ගන්නා ලෙසට අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.සී.ඩී.ආරියරත්න විශේෂ ඉල්ලීමක් කරයි.මෙය මාරාන්තික නොවන බැවින්, අනියත බියක් ඇති නොකර, රෝගය උත්සන්න වීමට පෙර උණ, ඇඟපත වේදනාව, තද හිස කැක්කුම, වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රුධිර පරීක්ෂාවක් සිදු කර ගන්නා ලෙසට වෛද්‍ය ආර්යරත්න මහතා වැඩි දුරටත් ඉල්ලා සිටියි.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන් සී ඩී ආරියරත්න ගේ උපදෙස් මත ප්‍රාදේශීය මැලේරියා වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණි ගුණතිලක මහත්මියගේ මෙහෙයවීමෙන් අනුරාධපුර දිස්ත්‍රික් මැලේරියා මර්දන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් සෙනෙවිරත්න සහ කීට විද්‍යා නිලධාරීන්,මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් ඇතුළුව තවත් විවිධ අංශවලින් කණ්ඩායම් කීපයක් මේ වන විට මැලේරියා මර්දන වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් සිටිති .
රෝගියා සිටි සහ දැනට සිටින හමුදා රෝහල කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටරයක වට ප්‍රමාණයක දින පහක් තිස්සේ විවිධ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අතර පාසල් ආශ්‍රිතව ඇතුළුව එම ප්‍රදේශවල ධූමායනය පෙරේදා (2දා) රාත්‍රියේ සිට ක්‍රියාත්මක සෞඛ්‍ය අංශ පවසයි.
අප්‍රිකානු සහ ආසියානු රටවල තවමත් මැලේරියාව බහුලව ඇති බැවින් විදේශගත වී පැමිණෙන දෙස් විදෙස් පුද්ගලයින් ගුවන් තොටුපලේදී සහ තමන් ජීවත් වන ප්‍රදේශ වලදී රුධිර සාම්පල පරීක්ෂාව සිදු කර ගන්නා ලෙසත් එය අප රටේ නීතියක් නොවන බැවින් යුතු කමක් සේ සලකා මිනිසුන් ගැන සිතා රුධිර පරීක්ෂාවක් සිදු කර ගන්නා ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා ඉල්ලීම් කර සිටීයි. මෙරට තුළ පරපෝෂිතයා නැතත් වාහකයා සිටින බැවින් මේ පිළිබඳව අවධානය යොමු කල යුතු බව අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.