කළුතර 8ක් පොරකයට
තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්රදීප් අබේරත්න මහතා විසින් අද(27) මරණ දඩුවම නියම කළේය .
කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා 2003 මාර්තු මස 24 දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.
කළුතර , මහ හීනටියංගල ප්රදේශයේ පදිංචි 46 හැව්රිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා , 49 හැව්රිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන් , 59 හැව්රිදි මොහොමඩ් මව්ස් මොහොමඩ් , 45 හැව්රිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ් , 47 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැව්රිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැව්රිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් අජීල් යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි.
- සුමිත් පොතුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
