රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් දහයක් ජාවාරමෙන් උපයා ගත් බවට කියන රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් හා විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත
කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන හංසයට ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
39 හැවිරිදි සැකකරු දෙහිවල පදිංචි කරුවෙකි. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප/පොලිස් පරීක්ෂක ආර් එල් ආර් මධුරංග මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
