ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ පැවැත්වෙන " බර්ලින් ගෝලීය සැසි වාරයට " සහභාගී වීම සදහා අද (27දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
සිව් දින නිල සංචාරයක් වන මෙම විදේශගත වීම සඳහා ඔහු සමග දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු ද එක් වී සිටියහ.
ඔවුන් අලුයම 05.05 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්‍ය නායක සමුළුවට සහ ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 09/13 දින ගොස් යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත් 09/24 දින උදෑසනය.