ගෙවී ගිය කාලය තුලදී යාපනය දිස්ත්‍රීක්කයේ ජනතාවට කිඹුලන්ගෙන්, වන අලින්ගෙන් සහ වඳුරන්ගෙන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව ඇති හෙයින් වහාම විසඳුමක් ලබාදිය යුතු බවට යාපනය ජනතාව ඇතුලු සිවිල් සංවිධාන මගින් පෙන්වා දෙයි.
මෙම ගැටලුව ඉදිරිපත් කොට සිටියේ ඊයේ (27) දින යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවති දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීය.
දිස්ත්‍රීක් සංවර්ධන කමිටුව වෙනුවෙන් අමාත්‍ය ඩග්ලස් සේවානන්ද, උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහ යාපනය දිස්ත්‍රීක් ලේකම් ඒ. සිවබාලසුන්දරම් යන අයගේ සමසභාපතීත්වයෙන් පැවත්වුණි.
එහිදී යාපනය ජනතාවගේ ගැටලු විසඳීමේදී සංවර්ධන කමිටු සාමාජිකයින් විසින් පෙන්වා දුන්නේ යාපනය දිස්ත්‍රීක්කයට වෙනත් ප්‍රදේශයන්හි සිට වනඅලින් මෙන්ම කිඹුලන් ගෙනවිත් කැලෑවලට මෙන්ම වැව්වලට මුදාහැරීම හේතුවෙන් ජනතාවට මේ වන විට දැඩි තර්ජනයක් වී ඇති බවටය.
වැව්වල මසුන් ඇල්ලීම , ජනතාවට ස්නානය කිරීම ඇතුලු දෛනික කටයුතු සිදුකර ගැනීමේදී දැඩි බියක් දැක්වීම හේතුවෙන් මේ පිළිබඳව විසඳුමක් ලැබිය යුතු බවටය. එමෙන්ම යාපනය දිස්ත්‍රීක්කයට මේ වන විට රිලවුන් සහ වඳුරන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් පොල් වගාවන්ට මෙන්ම කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතරම එය ජනතාවගේ ආර්ථිකයටද බලපා ඇති බවටය.
එහිදී සමසභාපතිවරුන් විසින් පෙන්වා දුන්නේ වඳුරන්ගේ ගැටලුව වෙනුවෙන් මේ වන විට ග්‍රාමසේවකවරුන් මාර්ගයෙන් වායු රයිෆල් ලබාගැනීමේ අවසරය ලබාගෙන වගාහානි සිදුකරන වඳුරන්ට වෙඩිතැබීම් සාමාන්‍ය ජනතාවටද සිදුකල හැකි අතරම වනඅලි සහ කිඹුලන් ගැටලුව සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් සමග සාකච්ඡා කොට විසඳමක් ලබාදෙන බවටය.
