තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලේ පස්වෙනි මහලෙන් පැන සියදිවි හානි කරගත් 18 හැවිරිදි තරුණයා අධික ලෙස ජංගම දුරකතනයට ඇබ්බැහි වී විශාදය තත්වයෙන් පෙළුණ අයෙක් බව ඔහුගේ මරණ පරීක්ෂණයේදී හෙළිව තිබේ .
එම තරුණයා එසේ අධික ලෙස ජංගම දුරකථනයට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් විරෝධය දක්වා ජංගම දුරකථනය දෙමවුපියන්ගේ භාරයට ගත් පසු ප්රචණ්ඩ ලෙස හැසිරෙමින් පිහියක් ගෙන ශරීරයේ කිහිප පොලක් කපා ගැනීමෙන් පසු විශාදය තත්වයට පත්ව රෝහල්ගත කළ අයෙකු බවද එහිදී අනාවරණය වී තිබේ .
පන්විල කන්දේකුඹුර ප්‍රදේශයේ පදිංචි හර්ශන ලක්ශාන් දිල්රුක්ෂ (18) නැමැති එම තරුණයා දිනකට පැය 18 ක් පමණ ජංගම දුරකතනය සමඟ හුදකලාව සිටිමින් නිවසේ කිසිවෙකුත් සමග සම්බන්ධතා නො පවත්වා කල් ගත කිරීමටත් එමගින් විවිධ වීඩියෝ ක්‍රීඩා වල යෙදීමටත් ඇබ්බැහි වූ පුද්ගලයකු බව ද අනාවරණය වී තිබේ .
එම තරුණයා තෙල්දෙණිය රෝහලේ පස් වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කර ගැනීමට පෙර දෙමව්පියන්ට ලිපියක්ද ලියා තබා ඇති අතර එමගින් ඔහුගේ දෙමවුපියන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කොට ඇති බව ද වාර්තාවේ .
එම තරුණයා රෝහලේ පස් වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ද මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනකක තලගල මහතා තෙල්දෙණිය රෝහල් පරිපාලනයට දැනුම් දී තිබේ .