රු. 180000ක ඌරු පැටව් 12ක් සොරකම් කළ තිදෙනෙක් අල්ලයි
රුපියල් එක් ලක් අසුදහසක වටිනාකමකින් යුත් ඌරු පැටවුන් දොළොස් දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු ඊයේ (2 දා) අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, පරසන්ගස්වැව පොලිස් වසමේ පණ්ඩුකාභයපුර ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 18, 20 සහ 23 වියේ පසු වන පුද්ගලයන් තිදෙනෙකි.
ෙපැමිණිලිකරු පණ්ඩුකාභයපුර ප්රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු, ගොවිතැන් කටයුතු සහ ඌරන් හැත්තෑවක් පමණ ඇති කරමින් ජීවිකාව ගෙන යන පුද්ගලයකු බව පොලීසිය කියයි.ෙ
පසුගිය මස 7 වන දින තමා තමාට අයත් ඌරෙකු සහ පැටවුන් 12ක් නොමැතිවීම හේතුවෙන් සොයා බැලීමේදී පණ්ඩුකාභයපුර වැව් පිටියේ එම ඌරා මිය ගොස් සිටියදී හමුවූ බවත්, පැටවුන් දොලොස්දෙනා හමු නොවූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
පැමිණිලිකරු මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් නොකර සිට ඇති අතර මෙම සොරකම සම්බන්ධයෙන් හෝඩුවාවක් ලැබුණු විට පමණක් පොලිසියට පැමිණිලි කරන බවට සිතා සිටියදී, සැකකරුවන්ගෙ නිවෙස් වල ඌරු පැටවුන් සිටින බව දැක සිදු කල පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.
එම ඌරු පැටවුන් දොළොස් දෙනා ගේ මව සැකකරුවන් විසින් මරා දමා මෙම පැටවුන් සොරකම් කළේද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දෙදෙනා අද (3 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එම්. අන්වර්දීන් මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

