බස්නාහිර පළාත තුළ ධාවනය කරන සෑම බස් රථයක් මගින් ජනතාව ගෙවන මුදලට සරිලන ලෙස ටිකට්පතක් ඊයේ (01දා) සිට අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත් එසේ නොමැති වුවහොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් බස්නාහිරපළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.
ටිකට්පත් නිකුත් කරන යන්ත්‍රයක් මගින් හෝ ටිකට් සහිත පොතකින් අදාළ කටයුත්ත සිදුකළ යුතු බවත් මේ පිළිබඳව අනිවාර්යෙන්ම සොයා බැලීම් සිදුකරන බවත් ටිකට්පතක් ලබා නොදීමේ වරදට පළමු අවස්ථාවේදී අවවාද ලබා දෙන බවද එම අධිකාරියේ සභාපතිප්රසන්න සංජීව මහතා සඳහන් කළේය.
දෙවන අවස්ථාවේදී එම වරද සිදුකළහොත් ගමන් වාර අත්හිටුවීමට කටයුතු කරන බවත් මීට අමතරව බස් රථ ඉතා මන්දගාමීව යාමට එරෙහිව හා ඉතුරු මුදල් නිසිලෙස ලබා නොදීමට එරෙහිව හා සුඛෝපභෝගී බස් රථවල වැඩිපුර මගීන් රැගෙන යාමට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන බවද පවසා සිටියේය.
මෙම තොරතුරු ඇතුළත්කර හා අදාළ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි කිරීමට අදාළ දුරකථන අංක සහිත ස්ටිකරයක් සෑම බස් රථයකම අලවා තිබෙනබවත් මීට අමතරව ගාස්තු සහිත ලේඛනයක්ද ප්‍රදර්ශනය කර තිබෙන බවද සඳහන් කළේය.
මේ අනුව බස් රථ සේවකයන් වරදක් සිදුකරනු ලබනවා නම් 0112860860 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් මීට අමතරව බස් රථයේ අලවා තිබෙන ස්ටිකරයේ වට්ස්ඇප් අංක ප්‍රදර්ශනය කර තිබෙන බවද පවසා සිටියේය.
බස්නාහිරපළාත තුළ ධාවනය කරන සෑම බස් රථයකම මෙම ස්ටිකරය තිබිය යුතු බවත් මෙම ස්ටිකරය වැසී යන ලෙස වෙනත් දේවල් ප්‍රදර්ශනය කර තිබුණහොත් හෝ ගලවා ඉවත් කර තිබුණහොත් එයට එරෙහිවද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
සුඛෝපභෝගී බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවත් ජනතාවත් අදාළ බස් රථවල සිටගෙන යාමට කටයුතු නොකළ යුතු බවත් මේ ආකාරයට අධිවේගී මාර්ගය හරහා ගමන් කරනබස්නාහිරපළාතට අයත් බස් රථවලත් මගීන් සිටගෙන යන බවට වාර්තාවන බවද පවසා සිටියේය.