ෂේන් සෙනෙවිරත්න
පාසල් ළමුන් වලිප්පුව හා අපස්මාර රෝග ලක්ෂණ ඇතිව රෝහල් ගත වීමේ ප්‍රවණතාව ඉහළ යමින් තිබෙන බවත් ඊට හේතු සාධක වී ඇත්තේ පාසල් සිසුන් මත් වීම සඳහා ප්‍රබල වේදනා නාශක අධිමාත්‍රාව බැගින් දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගැනීම බව මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා පවසයි .
මීට වසර කීපයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ අවුරුදු 13-18 අතර පාසල් වයසේ සිසුන් සම්බන්ධ කර ගනිමින් කළ සමීක්ෂණයකදී එම සිසුන් අතරින් 28%ක් කුමන හෝ මත් ද්‍රව්‍යයක් භාවිතා කර තිබෙන බවට හෙළි වූ බවත් ඒ අතරින් 69% ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමේ සිටි බව ද විශේෂඥ මනෝ වෛද්‍යවරයා පැවසීය .
හෙරොයින් මත් කුඩු ලබා ගැනීමට නොහැකි වූ විට ඊට ආදේශකයක් ලෙස ප්‍රබල වේදනා නාශක භාවිතා කිරීමට තරුණ තරුණියන් පෙළඹී සිටින බවත් සිසේරියන් සැත්කමකට භාජනය වූ මවකට ලබාදෙන වේදනා නාශකය ට වඩා පස් ගුණයකින් වැඩි වේදනා නාශක මාත්‍රා දෛනිකව ලබා ගන්නා පාසල් සිසුන් වාර්තා වන බව ද වෛද්‍යවරයා පැවසීය .
දත්ත වලට අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ලක්ෂයක පමණ පිරිසක් මෙරට සිටින බවත් ඔවුන් අතරින් 6000ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට පෙළඹී සිටීමෙන් ඔවුන් ඒඩ්ස් හෙපටයිටිස් වැනි රෝග වලට භාජනය වීමේ අවදානමක් සහ එම රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්ද මතුව තිබෙන බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි .
තම දරුවන්ට අපස්මාරය හෝ වලිප්පුව වැනි රෝග ලක්ෂණමතු වූ විට බොහෝ දෙමව්පියන්තම දරුවන්ට එවැනි රෝග වැළඳී ඇති බවටසැක කොට රෝහලට රැගෙන ආවත් ඔවුන්ට එවැනි රෝග ලක්ෂණ මතු වී ඇත්තේ මත් වීමේ අරමුණෙන් වේදනා නාශක පෙති අඛණ්ඩව ලබා ගැනීම හේතුවෙන් බවදපැවසීය .
ඇතැම් රෝහල් සේවකයන් ද වේදනා නාශක හා සිහි නැති කිරීමට භාවිත කරන ඖෂධ ලබා ගැනීමට පුරුදු වී සිටින බවත් මෙය රෝහල් පරිපාලනයට විශාල ගැටළුවක් වන තරමට ඔඩුදුවා තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
මත් උවදුරෙන් රට බේරා ගනිමු යන මැයෙන් මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති ශාලාවේ දී අද (03) පැවැති වැඩසටහනක දී විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළේය .
ශ්‍රී පුෂ්පදාන සමිති අනුග්රාහකත්වයෙන්පැවැති මෙම වැඩසටහන සඳහා මහනුවර ගම්පොළසහ මාතලේයන පොලිස් කොට්ඨාස වල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණයන් 300 දෙනකු පමණසම්බන්ධ කර තිබුණි .