මොනරාගල පොලිස් වසමට අයත් නක්කල 18 කණුව දෙහිකිඳගම ප්රදේශයේ කුඹුක්කන්ඔයේ ජලපිම්ම පැනීමේ පුහුණුවේ යෙදී සිටියදී තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි යුදහමුදාවේ උප ලුතිනන්වරයෙකු අද (03දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිඳිවෙල මිල්ලතේ අංක 02/164 පදිංචිව සිටි ගලප්පත්තිගුරුගේ ගිහාන් සංජුල ද සිල්වා (23) නැමති උප ලුතිනන්වරයෙකි.
හෙතෙම මාදුරුඔය යුදහමුදා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටියදී ජලපිම්ම පැනීමේ පුහුණුවට ඉකුත් සැප්තැම්බර් 20 වෙනි දින සහභාගීවී සිටියදී තුවාල ලබා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර සිටියදී මෙලෙස මියගොස් ඇත.
මොනරාගල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජානක රත්නසිරි මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක