පාසල් ළමුන් ප්රවාහන ගාස්තු වැඩි නොකරයි
ඉන්ධන මිල වැඩිවුවද පාසල් දරුවන්ගේ ප්රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්රවාහන සංගමය අද (2දා) උදේ පැවති මාධය හමුවකදී කීවේය.
ගිය වර ඉන්ධන මිල වැඩි කිරීමේදී ප්රවාහන ගාස්තු වැඩි නොකළ අයට ඒ සඳහා සිය අභිමතය පරිදි කටයුතු කළ හැකි බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්රවාහන සංගමයේ සභාපති රුවන ප්රසාද් මහතා කීය.
අම්බලන්ගොඩදී පාසල් ළමයි ප්රවාහන සංගමයට අයත් බස් රථයක් තුළ මේ මාධය හමුව පැවති අතර ඒ සදහා සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්රවාහන සංගමයේ ප්රධාන සංවිධායක රුවන් ප්රීති කුමාර මහතා ද සහභාගී විය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ සභාපති රුවන් ප්රසාද් මහතා මෙසේ ද කීය.
“ඉන්ධන මිල වැඩි කිරීම අපේ කර්මාන්තයට බලවත් පහරක්. නමුත් ලෝක ළමා දිනය දා රජය ඉන්ධන මිල වැඩි කළත් ලෝක ළමා දිනය නිමිත්තෙන් මේ පාර පාසල් සිසුන්ගේ ප්රවාහන ගාස්තු වැඩි කිරීමක් කරන්නේ නැහැ. නමුත් ලබන මාසයේ ඉන්ධන මිල වැඩි කළොත් අනිවාර්යයෙන්ම ගාස්තු වැඩි කරනවා .ඒක ස්ථීරයි”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

