විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරේ ජුලි මසට සාපේක්ෂව අගෝස්තුවේදී සැලකිය යුතු ලෙස අඩුවීමක් පෙන්නුම් කරන බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.
2023 ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 541ක් වූ ප්‍රේෂණ 2023 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 499ක් දක්වා අඩුවී තිබේ.
2022 වසරේ අගෝස්තු මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 325ක් විය.
කෙසේ වෙතත් 2022 ජනවාරි සිට අගෝස්තු දක්වා වූ වාර්තා වූ සමුච්චිත ප්‍රේෂණ අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 2215ක අගය 2023 වසරේ එම කාලසීමාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3863ක් දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ.