ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුව ජනතාවට දිගින් දිගටම චණ්ඩි පාට් දැමීමට ඉඩ ලබා දිය නොදෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (24දින) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
තරුණ පාසැල් සිසුවෙකුගේ නිරුවත් දර්ශන ලබාගැනීමට තැත්කල බවට සැකපිට සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ දේවගැතිවරයෙකු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිගමුව වැඩ බලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා 23 දින නියෝග කළේය.
Read Moreපසුගියදා මෙල්බන් ගුවන්තොටුපොළේදී රඳවා තැබූ ගුවන් යානය සහ යළි මෙරටට එවීමට සිදුවූ ඩුබායි සඳහා පරිහරණය කළ ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Read Moreනිසි ප්‍රසම්පාදන ක්‍රියා මාර්ග අනුගමනය කරමින් කල් ඇතුව සැලසුම් සකස් කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඖෂධ මිලදී ගැනීම සිදු කරනවා වෙනුවට විටින් විට විවිධ ඖෂධ හිග නිර්මාණය වීමට ඉඩ සැලැස්වීම හරහා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග වලින් පරිබාහිරව ද ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කිරීම නිසා ප්‍රතිජීවක ඖෂධ හිඟයක් පවා නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්
Read Moreකොලොන්නාව 132 KV විදුලි උපපොළේ කේබල් පිපිරීමක් සහ බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය ඇණහිටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. මේ වන විට කොළඹ 4, 5 සහ 7 ප්‍රදේශවලට විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
Read Moreමොරගහකන්ද ජාලාශ බැම්මේ රාජකාරියේ යෙදි සිටි හමුදා සෙබලෙකු ඊයේ (23) ජිවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි.
Read Moreපාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (6 ශ්‍රේණිය හැර) පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් අදාළ අයදුම්පත් පාසල්වලට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි
Read More2022 මහ කන්නයෙ දී මෙරට හෙක්ටෙයාර් 60,000ක බඩ ඉරිඟු වගා කර තිබු අතර එමගින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 210,000ක අස්වැන්නක් ලබා ඇති බව බඩඉරිඟු පිළිබඳ බෝග නායක වාර්තා සඳහන් කරයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවයි.
Read Moreමාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවලක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreචිනයේ ප්‍රධානතම සමාගමක් චයිනා මර්චන්ට් සමූහයේ සභාපති මියාඔ් ජියෑන්මින් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව්ක් ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreතම ඥාති මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් අයෙකු ඊයේ (23දා) දින රාත්‍රියේ ඝාතනයට ලක්ව ඇති බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
Read Moreපුත්තලම ඉජීතුමා ක්‍රීඩාංගනයෙ පැවති යතුරු පැදි ධාවන තරග අතර තුරදී තරුණයින් පිරිසක් ගුටි බැට හුවමාරුවක් ඇති කර ගැනිමත් සමග ඒ වන විටත් පැවැත්විමට සුදානම් කර තිබු අනෙක් තරග සියල්ල නවතා දැමිමට සංවිධායකයින් කටයුතු කර තිබුනී.
Read Moreඉන්ධන මිල සූත්‍රය ඇසුරින් ගණනය කරන ලද පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ලීටරයක පිරිවැය පිළිබඳ විස්තර පළ කරමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මෑතකදී නිකුත් කරන ලද ට්විටර් පණිවිඩයක් පාදක කර ගනිමින් මෙම කරුණු පිරික්සීම සිදු කර ඇත.
Read Moreදැනට උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ව්‍යාප්ත වී තිබෙන ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය හෙවත් ගව Lumpy Skin Disease රෝගය පාලනය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (23) පශු අංශය බාර නිලධාරින්ගෙන් කරුණු විමසනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි, දිගු කාලයක්ක් එරට ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික 52 දෙනෙකු 04/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත , තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත එම තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් එවා තිබුණි .
Read Moreමීට පෙර වසර වලදී මෙසේ කටුනායක ගුවන් තොටුපළ තුළ දඩාවතේ යන බල්ලන් සිටියහොත් ඔවුන්ට වෙඩි තැබීමට විශේෂ නිලධාරීන් ( Dog Shooter ) පත් කර තිබුණි .
Read Moreනිවස අසළ දෙල් ගසකට නැග රූපවාහිනී ඇන්ටනාවක් සවිකරමින් සිටි පුද්ගලයෙක් එම ඇන්ටනා වයරය අධිබලැති විදුලි රැහනක වැදී විදුලිය සැරවැදී බිමට වැටී මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, පලාලි ඇන්තනීපුරම් වෙරළ ප්‍රදේශයේ ඊයේ (23දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreහම්බන්තොට වරායේ ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදුවූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreඅද දිනයේදී උණුසුම් කාලගුණයක් පැවැතියද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැස ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතමන් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ ඇමති ධූර බාර නොගන්නා බවත් සජබ ජාතික සංව්ධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් තවත් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.
Read Moreහෙරොයින් කිලෝග්‍රෑම් 196 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද මෙරටට හෙරොයින් ආනයනය කරන ප්‍රධාන පෙළේ පුද්ගලයින් ඇතුළු පස් දෙනෙකු ට එරෙහිව පවරා තිබූ නඩුව ව්භාග කිරිමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreමෙම වසරේ සෝයාබෝංචි සහ තෙල් බෝග වගාබිම්වල වපසරිය පුළුල් කර, අස්වැන්න සහ ගුණාත්මකභාවය ද වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශ බලධාරීහු පවසති. එම බෝග සඳහා අලුතින් එක්කෙරෙන වගාබිම් ප්‍රමාණය අක්කර 16 ලක්ෂ පනස්දහස ඉක්මවනු ඇත.
Read Moreආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඋසස්පෙළ පිළිතුරු පත්‍ර නොබලන්නේ නම් අධ්‍යාපන අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර එයට එරෙහිවන්නන්ට නඩු පවරන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබා දී තිබේ. ඒ අනුව ජනපතිවරයාට කළ හැකි බරපතල දේ කරන ලෙස තම සංගමය අභියෝග කරන බවද ඔවුන් සිය නිවේදනයෙන් පවසයි.
Read Moreත්‍රස්තවාදය වැළැක්විමෙ පනත වහාම අහෝසිකරන ලෙසට සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එළැඹෙන 25දා උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ විසින් තීරණය කොට ඇත.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 13 වසරේ ජිව විද්‍යා අංශයෙන් අධයාපනය ලබන පාසල් සිසුවියකට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනිම සඳහා හෘද්‍යා බාධයක් බව පවසමින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පහර කැමට ලක් වු සිසුවියගේ දෙමව්පියන් චෝදනා කර සිටියි.
Read Moreයල කන්නයේ වී වගා කරන ගොවින් පන්ලක්ෂ පනස්දහසකට පොහොර මිල දී ගැනීමට මුල්‍ය සහනාධාර ලබා දීමට රජය රුපියල් බිලියන 11ක් වෙන් කරයි.
Read More