තලවකැළේ වටගොඩ අතරදී ඊයේ උදෑසන පිළිපැනීමට ලක් වූ දුම්රිය ඊයේ 30 රාත්‍රී නවය පමණ වන විට යළි පිළිගත කිරීම අවසන් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසීය.
මේ නිසා උඩරට දුම්රිය ගමනාගමනය යථා පරිදි මේවන විට සිදුවන බවද ඒ මහතා පැවසීය.
පෙරේදා (29දා) දිනද හාලිඇලදී දුම්රියක් පීලි පැමිණීමට ලක් වි
අහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ පස්කදු කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට විටින් විට බාධා මතු වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
මේ වන විට උඩරට දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවද දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.