උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැළේ වටගොඩ අතර භාණ්ඩ ප්රවාහන දුම්රියක් පීලි පැනීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට අදත් 30 දින බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
මේ හේතුවෙන් අද දින උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියළු දුම්රියන් ප්රමාද වන බවද දුම්රිය පාලක මැදිය පැවසීය.
නුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රියේ ඇන්ජිම සහ තවත් පෙට්ටියක් මෙසේ පිළිපැනීමට ලක්වී තිබේ.
දුම්රිය පිළිගත කිරීමේ කටයුතු කඩිනම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද දුම්රිය පාලකමැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
හැටන් රංජිත් රාජපක්ෂ/එස්.පී. නානායක්කාර