රටේ නිවාසවල ආදායම් මට්ටම 60%කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩි වී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22ක් ණය බරින් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම පෙරපාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා අධ්යාපනයගයේ නියැලෙන සියයට 55කගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇති නමුත් ආර්ථික අර්බුධය හමුවේ වුවත් 3.4% කගේ ආදායම වැඩිවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට මේ තත්ත්වයට පත්ව ඇත්තේ රජයේ අත්තනේමතික බදු බර වැඩි කිරීම නිසා බවත් හොරුන්ගෙන් වරම් ලබා ගත් ජනාධිපතිවරයා ගනු ලබන මෙවැනි තිරණ අනුුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළ පිහිටා තිබෙන රජයේ පාසල් 10,126 සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
දූපත් මානසිකත්වයෙන් මිදී ලෝකයේ සෑම රටක් සමඟම කටයුතු කිරීමට හැකි ශක්තිමත් සුහුරු දේශයක් බවට ලංකාව ප්‍රතිනිර්මාණය කළහොත් බංකොලොත් භාවයෙන් රටට ගොඩ ගැනීමට හැකියාව තිබෙන බවත් විපක්ෂ නායකවරයා කීය.
ආර්ථික අර්බුදය හේතුවෙන් වයස අවුරුදු 3 සිට විශ්ව විද්‍යාල වයස දක්වා අධ්‍යාපනයේ යෙදී සිටින සියයට 55 කට බලපෑම් එල්ල වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.