නුවරඑළියේ කාලගුණික තත්ත්වය පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ජාල විසින් අසත්‍ය ප්‍රචාර සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි.
රට තුල පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදි නුවරඑලිය දිස්ත්‍රික්කයේ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් සමාජ මාධ්‍ය ජාල විසින් පළ කරනු ලබන ප්රවෘත්තිවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවද ගලබඩ මහතා පැවැසීය.
ඇතැම් සමාජ මාධ්‍ය ජාල විසින් සිදු කරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන බොහෝ පිරිස් අපහසුතාවයට පත්ව ඇති බවද ගලබොඩ මහතා කීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන් හෝ කාලගුණය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේදී වගකියයුතු ආයතන මගින් නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව පමණක් සැළකිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ