රටේ ණය කන්දරාවට හිලව් වශයෙන් ජනවාරි පළමුවනදා සිට සියයට 18 ක වැට් බද්දක් ගසා රජය විසින් ජනතාව බිල්ලට දී ඇතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීති:ඥ වසන්ත යාපා බණ්ඩාර මහතා කිය.
මහනුවර දී 31 වනදා මාධ්‍ය වෙද අදහස් දක්වමින් වසන්ත යාපා බණ්ඩාර මහතා මේ බව කිය.
"රජය මේ බිලි දෙන්න සුදනාම් වන්නේ රටේ මහජනතාවගේ අනාගතයයි. ඩොලර් බිලියන 88 ක් ඉක්මවූ ණය මුදලින් ඩොලර් බිලියන 12 හමාරකට වැඩි ණය මුදලත් 2015 ත් 2020 අතර කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගැනීමට කටයුතු කළා.
රට මේ තරම් ණය බරකට ඇද දැමූ අයම කියනවා වැට් බද්ද සියයට අටක් නොව 18 යි කියලා. වැට් බද්ද මේ විදිහට ඉහළ දාන කොට මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කඩා වැටෙන කොට රටේ ජනතාවට ආහාර වේලක් භුක්ති විඳින්ට බැරි තත්වයට පත් වෙන කොට බෙහෙත් ලබා ගන්න ගිය විට එදිනෙදා අවශ්‍යතාවයක් සපුරා ගන්න ගිය විට අමාතයවරු අන්ත දුෂිත තත්වයට කටයුතු කරනවා.
හියුමන් ඉමියුනිග්ලොබින් කියන ඖෂධය වැරදි විදිහට මේ රටේ නිෂ්පාදනය කරලා ඒ අයට බිලියන ගණනින් මුදල් ලබා දීලා ඖෂධවලින් බෝම්බ හදලා ජීව බෝම්බ ගහන තත්වයට පත් වෙලා තියෙනවා . හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අපි හඩ නඟන කොට ඒ අය අපට කාලකන්නි කියල කිව්වා . අපට පහර දෙන්න ඕන කියල කිව්වා . පාර්ලිමේන්තුවේ 113 ක් සෞඛ්‍ය අමාත්‍යවරයාව රකින්න කටයුතු කළා. අධිකරණයෙන් අද තීන්දු ලැබෙමින් පවතිනවා. අමාත්‍යාංශ ලේකම්වරු හිරේ ලගින තත්වයට පත් වෙලා තියෙනවා . හෙට අනිද්දා වෙන කොට සෞඛ්‍ය අමාත්‍යවරයා ඔතැනට යන්න පුළුවන්.
හැම මනුස්සයෙකුටම ආත්ම ගරුත්වයක් තියෙනවා අපි ඒ ආත්ම ගරුත්වය පාවා දෙන්නේ නෑ. විපක්ෂයේ පොදු ඒකාබද්ද බලවේගයක් හදන සටන අපි ආරම්භ කරල තියෙනවා . ඒ නිසා විපක්ෂ බලවේග එකට එක් කරද්දී මහින්ද මහත්තයා යූඑන්පී කාරයෙක් බවට පත් වෙලා තියෙනවා . මහජනතාව පීඩාවට පත් කරපු මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හරින්න විපක්ෂයේ ප්‍රබල බලවේගයක් ගොඩනඟනවා.
අද කඳවුරු තුනක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතගේ බල කදවුර අනුර කුමාර දිසානායක මහතාගේ බල කඳවුරු සහ සජිත් ප්‍රේමදාස මහතාගේ බල කඳවුර, කඳවුරු තුනෙන් ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමත් එක්ක අපි ඉතා වැදගත් සාකච්ඡා රාශියක් කළා. අපේ වැඩපිළිවෙළ ඔවුන් විසින් භාර ගත්තා. රජ ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙළක් සජිත් සමඟ ගොඩ නගන්න අපි කටයුතු කරනවා"
මොහොමඩ් ආශික්