saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3794 hours ago

LATEST

නුවරඑළිය සැලසුම් කමිටුව නම් කරයි

calendar_today 2023 මැයි 08 - 13:36 remove_red_eye - 643  

නුවරඑළිය නගරයේ ඉදිකිරීම් හා සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කල විශේෂ කැබිනට් පත්‍රයට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සැලසුම් කමිටුව ස්ථාපනය කිරීම අද (08) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කෙරිණ.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මැයි 22 සිට ජුනි 01 දින දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා www.moe.gov.lk වෙත පිවිසෙන්න.

Read More

උතුරු පළාතේ දේශාපාලන පක්ෂ නියෝජිතයින්ට මේ මාස ජානාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් සඳහා ඇරයුම් ලබා තිබුණද නැගෙනහිර පක්ෂ සඳහා කිසිදු ඇරයුමක් නොලැබීම හේතුවෙන් උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ අතර මතභේදයක් හටගෙන ඇත.

Read More

එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත ඇතුළු දූත පිරිස අද (08දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

වරකාපොල, හොරගස්මංකඩ පවත්වාගෙන යන ප්‍රකට පෙළේ රබර් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් ඇතිව තිබේ. ගින්න හේතුවෙන් එම කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබේ.

Read More

ගම්පහ සාම මහා විහාරය මගින් ඊයේ (6දා) පවත්වන ලද පෙරහරේ ගමන්ගත් නිලමේවරයෙකු අලියා පිටෙන් බිමට ඇද වැටිණි.

Read More

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ දහ දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවී ඇති බව නුවරඑළිය මහ රෝහල අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසිය.

Read More

2027 සිට 2030 දක්වා පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ සැලැස්ම පසුගිය සතියේ ලංවිම විසින් ඉදිරිපත් කරන ලද බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජෙසේකර මහතා කියයි.

Read More

මාතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී යළි නිවෙස කරා යමින් සිටි වෑන් රථයක පිටුපසින් පැමිණි මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 4 කහතුඩුව වෙනිවැල්කොළ ප්‍රදේශයේදී 07 දා දහවල් අනතුරක් සිදුව ඇති බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

Read More

අලුතින් ආණ්ඩුකාරවරුන්, ඇමතිවරුන් පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත්, එසේ කවුරු පත් කළත් පැවැත්වීමට නියමිත කිසිදු මැතිවරණයකින් වත්මන් රජයට බලයට ඒමට නොහැකි බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

හපුතලේ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී අද (7) බඩු ප්‍රවාහන දුම්රියක මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් මෝටර් රථයට හානි සිදුවී එහි සිටි එකම පවුලේ සිව් දෙනෙකුගේ ජීවිත බේරී ඇතැයි හපුතලේ පොලීසිය කියයි.

Read More

රුමේනියා රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ බවට සැකපිට කොලොන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයේ විශේෂ විමර්ශන අංශය සමත්විය.

Read More

ඌව අමරපුර මහ නිකායික මූලස්ථාන විහාරස්ථානය වන බදුල්ල හිදගොඩ මහ තපෝධනාරාම විහාරස්ථානයේ විදුලිය වෙසක් පොහොය පෙනි පෙනි ලංකා විදුලි බල මංඩලයේ සේවකයන් විසින් විසන්ධි කිරිමත් සමඟ එම පුවත සැලවීමෙන් විහාරස්ථානයට පැමිණි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ධන පරිත්‍යාගයෙන් රුපියල් 70000ක මුදලක් ගෙවා කඩිනමින් විහාරස්ථානයට යළි විදුලිය පහසුකම් ලබා දුන් බව බදුල්ල හිදගොඩ මහ තපෝධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඇකිරියේ සීවලි හිමියෝ පැවැසූහ.

Read More

පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවෙකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම උතුරේ සිට කතරගම දක්වා දින ගණනාවක් ගමන් කරන ලංකාවේ දිගම පාද යාත්‍රාව ලෙසින් සැලකෙන යාපනය කතරගම පාද යාත්‍රාව ඊයේ (06) සවස යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.

Read More

පෙරේදා දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ තුනක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

2023/24 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර, රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂ්කර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලටම මුදල් බැර කරනු ලැබීය.

Read More

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා ඊයේ දින දහවල් පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය (පිස්තෝලය) සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක් වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

Read More

2022-2023 වර්ෂය සදහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.

Read More

හිටපු අමාත්‍ය, පොදු ජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබේ. ඔවුන් 05/07 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

Read More

මෙවර යල කන්නයේ දී ගොවිජනතාවට යූරියා පොහොර, බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා පසුගියදා (03) තමන් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ මෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.

Read More

ශ්‍රී ලංකාව පුරා වාසය කරන තරුණ තරුණියන්ගෙන් ප්‍රංශයට යවන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් සහ ඔවුන් සතු ගුවන් ගමන් බලපත්‍ර වංචනික ලෙස ලබා ගෙන සිටි පුද්ගලයෙකු 05/05 දින කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 13ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මාස කිහපයකට පසුව කොවිඩ් ආසාදිතයන් 10 සීමාව ඉක්මවා වාර්තා විය. එම ආසාදිතයන් සංඛ්‍යව සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 672 207ක් දක්වා ඉහළ ගියේය.

Read More

දින හතරක් පමණ වයසැති බිළි‌දෙක් කෘරත්වයට පත්කර අතහැර දමා ගිය සැකකාර මවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයක් අද (06) අලුයම දෙකයි තිහට2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.

Read More

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව දන්වා සිටියි.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන ලෙස විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ගුවන් තොටුපොලේදී හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ පියවර ගෙන තිබේ.

Read More

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අද (04දා) අභාවප්‍රාප්ත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.