ගම්පොළ උඩ පළාත ප්‍රදේශයේ රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයන ආදායම පෞද්ගලිකව පරිහරණය කළ බව කියන ගම්පොළ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුට අනීතිකව සිදුකරන එම දේපළ පරිහරණය වහාම නවතා ඉන් ඉවත්වන ලෙස උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය ලිඛිතව දන්වා තිබේ .
ප්‍රබල දේශපාලකයා මේ ආකාරයෙන් අනීතිකව භුක්ති විඳිමින් පෞද්ගලිකව පරිහරණය කොට ඇත්තේ ගම්පොළ අංගම්මන බටහිර ග්‍රාම නිලධාරී වසමේ රඳාව වත්තේ හෙක්ටයාර 0.3283 පමණ වූ බිම් කොටසකි .
රජයේ ඉඩම් සන්තකය ලබා ගැනීමේ පනතේ 3වන වගන්තියට අනුව එම වත්කම් පිළිබඳව ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අදාල නිවේදනය නිකුත් කොට ඇත්තේ එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාළ ලිඛිත නිවේදනය ද අලවමිනි .