සාජන්ගේ රු. 41400ක් සොරකම් කළ කොස්තාපල් අල්ලයි
උඩ මළුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුගේ බැංකු කාඩ් පත සොරා ගෙන රුපියල් 41000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගත් මානම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන අද (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කදුරුවෙල, ගල්ලෑල්ල, කුසුම්ගම ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයෙකි.
පැමිණිලිකාර සැරයන්වරයා අනුරාධපුර නගරයේ රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊට පිටුපසින් පෝලිමේ රැඳී සිට මෙම බැංකු කාඩ් පත සොරා ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා මෙම කාඩ්පත සොරා ගෙන, රුපියල් 41440 ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන තිබූ බව සිදු කල විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.
සොරකමක් සිදු කිරීම සහ දේපල සාවද්‍ය පරිහරණය යන චෝදනාව යටතේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

