“මම කාලෙකදී උඩ යනවා. කාලෙකදී යට යනවා. ඒක මගේ ජීවිතේ හැටි. මම යට යනකොට යට විදිහට වැඩ කරනවා. උඩ යනකොට උඩ විදිහට වැඩ කරනවා. මම මහ ඇමති කාලේ උඩ හිටියා. ආයේ මන්ත්‍රී උනාම යට ගියා . හැබැයි මම කියපු දෙයක් වැරදිලා නැහැ. මම කිව්ව දේවල් හරි ගියා නිසා තමයි ජනාධිපති තුමාටත් හරිගියේ” යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය වරයා මේ අදහස් පල කලේ වැලිමඩ මුස්ලිම් විද්‍යාලයේ ප්‍රාථමික අංශය සදහා ඉදිකල නව ගොඩනැගිල්ල විවෘත්ත කිරීම හා වැලිමඩ මුස්ලිම් විද්‍යාලයේ ප්‍රාථමික අංශය වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ නව ස්ථානයක ආරම්භ කිරීමේ අවස්තාවට ඊයේ ( 13 දා ) පස්වරුවේ එක් වෙමිනි.
දැනට වැලිමඩ මුස්ලිම් විද්‍යාලය පවතින ස්ථානයේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම නිසා එවකට පළාත් ප්‍රධාන අමාත්‍ය ලෙස කටයුතු කල චාමර සම්පත් දසනායක මහතාගේ මුලිකත්වය ඇතිව මෙම නව ප්‍රාථමික අංශය දඹවින්න ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබු අතර එහි පළමු අධියර යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබු අතර ඒ සදහා වැය කර තිබු මුදල රුපියල් මිලියන 23 කි. මේ සදහා පළාත් සභා අරමුදල් යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබින.
“මම කාලෙකදී උඩ යනවා. කාලෙකදී යට යනවා. ඒක මගේ ජීවිතේ හැටි. මම යට යනකොට යට විදිහට වැඩ කරනවා. උඩ යනකොට උඩ විදිහට වැඩ කරනවා. මම මහ ඇමති කාලේ උඩ හිටියා. ආයේ මන්ත්‍රී උනාම යට ගියා. හැබැයි වැලිමඩ මුස්ලිම් අය හිතුවේ නැහැ මම ආයේ උඩ එයි කියලා. මම උඩ යනවා. යට යනවා. ඒක තමයි මගේ දේශපාලනයේ හැටි.
අද 13 . මේ 13 වැනිදා කවුරුත් ගන්නේ නැහැ දවස හොද නැහැ කියලා. වාහනයක් වත් ලියාපදිංචි කරන්නනේ නැහැ . මම මේ විද්‍යාලය විවෘත්ත කරන්න අද 13 දිනය දුන්නා. ගත්තෙත් දවල් වරුව. රාහු කාලය බැලුවෙත් නැහැ. මාස ගාණක් වැස්ස වැස්සත් අද නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් මම දෙන දේවල් වැරදිලා නැහැ. මම කියන දේවල් තමයි හරි යන්නේ. මම කියන දේවල් හා දෙන දේවල් හරි ගිය නිසා තමයි ජනාධිපති තුමාටත් හරි ගියේ.
මම මේ පාසල අලුතින් ආරම්භ කරන්න ඉඩම දුන්න වෙලාව හරි නැහැ. මම එහෙම තියන්නේ ඔය කාලේ තමයි මම අර ගුරුවරියෙක් දණ ගැස්සුවා කියලා චෝදනා එල්ල වුන කාලේ. ඒත් මුස්ලිම් දරුවෙක් පාසලකට දාන්න ගිහින්. ඒ අතර වැලිමඩ අක්කර 4 ක් මුස්ලිම් විද්‍යාලයකට දෙනවා කියලා ලොකු විරෝධයක් ගියා. පහුගිය ඡන්දයේදින් ඕක මුස්ලිම් මිනිස්සු ටිකක් දැනගෙන හිටියා. ගොඩක් දැනගෙන හිටියේ නැහැ. එතකොට කොහොමද දෙපැත්තෙන් වදිනකොට. දැන් සමහරු පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ කියලා පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා.
හරිනම් පාර්ලිමේන්තුවෙනුත් මහ ඇමති කමිනුත් ඉවත් වෙන්න ඕනි මම. උදේට දෙරනේ , හිරු , සිරස එකේ පත්තර වල දැම්මා. රෑට හිරු දෙරණ පුවත් වල . මට සතියක් විතර ගැහැවුවා එක දිගට. සමන්ත විද්‍යාරත්ත ලස්සනට ප්ලෑන් එක හැදුවා. නියම චිත්‍ර පටයක් හදලා දුන්නා දෙමළ විදුහලේ විදුහල්පතිට. එතුමිය රග පෑවා. වැඩේ ලස්සනට ගියා. ඒ අය බලාගෙන හිටියේ මම මහ ඇමති කම දාලා යයි කියලා. අර ඊයේ පෙරේදා අපේ මන්ත්‍රී තුමෙක් දාලා ගියා වගේ . මම එහෙම වට්ටන්න කාටවත් බැහැ. මගේ ගමන මම හරි විදිහට ඉස්සරහටම යනවා. එහෙම ගිය නිසා තමයි අද මම මෙතන ඉන්නේ.
දැන් අපි බංකලොත් භාවයෙන් අයින් වෙලා. දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සල්ලි දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව මුදල් දෙනවා. ලෝක බැංකුව දෙනවා. සෘන හතේ හිටිය අපි ධන දෙකට ඇවිල්ලා තියෙනවා. තව ටික දවසකිත් ධන පහට එයි. පහුගිය කාලයේ ගුරුවරුන්ට පඩි ගෙවාගන්න බැරිව හිටියේ.
අපි දහ දහාක් දෙනවා කිව්වම විසි දාහක් ඉල්ලනවා. විසි දාහක් දෙන්න අපි කැමතියි. රට හොදට යනවා නම් විසි දාහක් නෙමෙයි කි දාහක් දුන්නත් අපිට කමක් නැහැ. රටේ මුදල් තියෙනවා නම්. මහ බැංකු අධිපතිතුමා මේ රට ගන්නකොට කිව්වේ මේ රට පල්ලමකට යනවා කියලා. මේක තිරිංග නැතිව පල්ලැහැට යනවා කිව්වා. දැන් අපි ඒ බ්රේක් නැති වාහනය උඩට අරන් තියෙනවා. ඒ ගන්න අපි ලොකු කැපකිරීම් කලා. අපි පක්ෂ අමතක කලා. දේශපාලන පක්ෂ පැත්තකින් තියලා අපි වැඩ කලා. එහෙම වැඩ කරපු එකේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා”
වැලිමඩ කුමාරගේ
