saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 3484 hours ago

LATEST

ඔක්සිජන් විකුණා සූදු ගැසූ අපුර රෝහලේ සේවකයා අල්ලයි

calendar_today 2023 ජුලි 26 - 15:15 remove_red_eye - 310  

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා, එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ (25 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.‍

කොළඹ සිට හපුතලේ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් අද 26 අළුයම හපුතලේ නගරයට නුදුරින් ස්ථානයකදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක් වී ඇති බව පොලීසිය කියයි.

Read More

කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසළ කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් කැමරාවට හසුවිය. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන්ට විහාරස්ථානයට යාබද කැලැවෙන් ඇසුන ශබ්දයක් පරීක්ශා කිරීමට යාමේදී පිඹුරෙකු මොනරෙකු ගොදුරු කරගෙන සිට් අයුරු දැක ඇත. විහාරාධිපති හිමියන් එම ස්ථානයට යන විටදිත් මොනාරා පිඹුරාගේ ග්‍රහනයට හසුවී මියගොස් සිට් බව හිමියන් පවසති.

Read More

පිලියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ රාත්‍රී අමානුෂිකව පහර දුන් බව කියන පිරිසෙන් අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

Read More

ජුලි මාසයේ මුල් දින 23 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. එම පත්කිරීට පෙර ඔහු උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

Read More

විදේශීය රටවලින් මිදි ආනයනය කිරීමට ඉහල මුදලක් වැය වන යුගයක මිදි වගාවට නුසුදුසු කාලගුණ තත්වයක් පවතින ප්‍රදේශයක ඉතා සාරවත් මෙන්ම ඉහල අස්වැන්නකුත් එමගින් ඉහල ආදායමක් ලබා ගන්නා ගොවි මහතෙකු ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ-ඇත්කදවක ප්‍රදේශයේදී අපට හමුවිය.

Read More

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර සාම සම්මේලනයේ අභිනව සභාපතිවරයා ලෙස පත් වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුර භාර ගැනීමෙන් පසු ඊෙය් (25දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

ලංකා සතොස හරහා බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

දුම්රිය මගී ජනතාවගේ බලවත් ඉල්ලීම මත මහනුවර මාතලේ අතර ධාවනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් යෙදවූ බලවේග කට්ටල දුම්රිය එහි නියාමකවරුන් අතර පවතින මත භේදයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ ධාවනය නොකොට දුම්රිය අංගනයේ නවතා තිබෙන බව මහනුවර මාතලේ දුම්රිය මගී එකමුතුවේ සභාපති කසුන් හල්විටගේ මහතා පවසයි .

Read More

පුරන් කුඹුරු මූලික බිම් සැකසීම සඳහා අක්කරයකට රු. 36,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගුවන් තැපැල් පාර්සල් ලෙස සීදුව පෞද්ගලික කූරියර් ආයතනයක් වෙත එවා තිබූ රු. කෝටි 07 ක් පමණ වටිනා විදේශයන්හි නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (25දා) සවස අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

හන්තාන අධි සංවේදී පරිසර කලාපයේඉඩම් කැබලි 20 ක්කොටස් කිරීමට ගෙන තිබූ තීරණය වහාම නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් නියෝග කොට තිබේ .

Read More

ඔලිව් වගාව මෙරටට හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ තිරසාර සංවර්ධනයක් අත්කරගැනීම සඳහා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබා දෙන බව මාර්ක් අන්ඩ්‍රේ මහතා සඳහන් කළේය.

Read More

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (25) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

Read More

අභිරහස් ලෙස කපා කොටා 30 හැවිරිදි තම පුතු ඝාතනය කර වගා ලිදකට දමා සාක්ෂි වසම් කරමින් සිටි නරුම පියෙකු දීර්ඝ විමර්ශනයකින් පසු නීතියේ රැහැනට ඊයේ (24දා) සවස හසු කර ගත් බව කැබිතිගොල්ලෑව කොටිඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.

Read More

වසරේ මුල් භාගයේ හොඳම තත්ත්වයේ සිටි ශ්‍රී ලංකා රුපියල මේ වන විට ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වී ඇතැයි ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. මහ බැංකුවේ පොලී අනුපාත අඩු කිරීම හා ආනයන පාලනයන් ලිහිල් කිරීම ආදී හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යාම මේ සඳහා හේතුව වී තිබේ.

Read More

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නලු නිළියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සත පහක් හෝ වියදම් කර ඇතැයි යම් අයෙක් ඔප්පු කළොත් තමන් ඇතුළු පිරිස ධුරවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.

Read More

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්වතුර අළෙවිය සීඝ්‍ර ලෙස පහත බැස ඇති බවත්, රජය විසින් අවසන් වරට මත්පැන් වර්ගවල මිල වැඩි කිරීමත් සමග පෙර පැවැති අළෙවියට සාපේක්ෂව මේ වනවිට අළෙවිය සියයට හැත්තෑවක පමණ ප්‍රමාණය දක්වා පහත බැස ඇතැයි උඩරට මත්පැන්හල් හිමිකරුවෝ පවසති.

Read More

පවුල් ආරවුලක් හේතුවෙන් රුපියල් එක් ලක්ෂ දස දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්දයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි.

Read More

හෙරොයින් මත් කුඩු ළඟ තබා ගෙන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පුද්ගලයෙකු ඊයේ (24 දා) අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

Read More

පසුගිය අරගලය සමග රැල්ලට ආපු ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම අද ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

මීගමුව, ලියනගේමුල්ල සීදූව ප්රල දේශයේ අවුරුදු 17ක දැරියක් ජුනි මස 17 වැනි දින සිට අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.මේ සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඇයව සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

පසුගිය දාහත්වන දින සිට ආගිය අතක් නොමැතිව සිට හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ තරුණ මව හා දියණිය අවිස්සාවේල්ල ගලබලන කන්ද මාණික්කාව ප්‍රදේශයේ ඇයගේ ඥාති නිවසක සිටියදී අවිස්සාවේල්ල පොලීසිය විසින් ඊයේ සවස (24) සොයාගෙන ඇත.

Read More

වඩා යෝග්‍ය ආකෘතියක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහත කිරීම සම්බන්ධයෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කිරිම පිණිස අදාළ විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

Read More

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයායක පියෙකු විසින් තුන් හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

Read More

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත ව විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.