ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 වසර තුල දී පමණක් විදුලි ඒකක මිලියන 630 ක් (630 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ඉතා සතුටින් දැනුම් දෙයි.
මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැර ව නව තාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමුවී තිබීම අගය කල යුතු බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
මෙහි දී විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන, විශේෂයෙන් බෙදාහැරීම් අංශවල අපගේ කාර්ය මණ්ඩලයේ මෙහෙවර ද අගය කල යුතුය.
අපගේ පාරිභෝගික භවතුන් ලංවිම සමග එක්ව සිදුකරන මෙම පරිසර හිතකාමී ව්‍යාපෘති මගින් රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය වන අතර මෙවැනි ධනාත්මක තොරතුරු මහජනතාව වෙත ලබා දීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයන්හි සහයෝගීතාවයද ඉතා කාරුණිකව බලාපොරොත්තු වෙමු.