රු. 10000ක අල්ලසක් ගත් ග්‍රාම නිලධාරීට වැඩ වරදි
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අන්යුක්තව සේවය කරනු ලැබූ ග්‍රාම නිලධාරී වරයෙකු රුපියල් දසදහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත ඊයේ (31දා) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසා සිටි
හම්බන්තොට , කටුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, එහි විමර්ශන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර අදාළ ග්‍රාම නිලධාරියාගේ කාර්යාලය තුලදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අල්ලස් ලබාගෙන ඇත්තේ පැමිණිලිකරු දැනට පදංචිව සිටින නිවසේ ජල හා විදුලි බිල්පත්ත පැමිණිලිකරුගේ නමට වෙනස්කර කර ගැනීමට අවශ්‍ය කටයුතු කර ගැනීමට පදංචිය වෙනස්කරදීමට අවශ්‍ය ලේඛන සකස් කරදීම සඳහා වේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් අදාල විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසා සිටි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

