ජනවාරි මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජනවාරි මාසය සඳහා 6.4%ක් දක්වා වැඩි වී ඇත. එය 2023 දෙසැම්බර් මාසය සඳහා 4.0% ක් ලෙස වාර්තා වී තිබුණි.
4 ජනවාරි මාසයයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය)3.3%දක්වා වැඩි වී ඇති අතර,2023 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 0.3% ක් ලෙසය.
2024 ජනවාරි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්ෂ්යමය) 7.9%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2023 දෙසැම්බර් මාසයේ දී 5.8%ක් ලෙස වාර්තා විය.