2023 වර්ෂයේ දී අවුරුදු 18ට වඩා අඩු ගැබිණියන් 167 ක් වාර්තා වී තිබෙන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.
එමෙන්ම එම වර්ෂයේදී අවුරුදු 18 අඩු ළමා අපරාධ 1,502ක්ද, කැමැත්ත ඇතිව ස්ත්‍රී දූෂණ 1,163ක්ද, බලහත්කාරකම් ලෙස සිදු වූ ස්ත්‍රී දූෂණ 339ක්ද වාර්තා වී ඇති බව සිය අමාත්‍යාංශයේ අද (31දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
"මැතක සිට අපේ රටේ කාන්තාවන්ට එරෙහිව දූෂණ සහ ඝාතන රැල්ලක් ඇති වෙමින් පවතිනවා. මෙය ඉතා භයානක තත්වයක්. මේ හේතුව නිසා කාන්තාවන් සහ දරුවන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. පසුගිය වර්ෂයේ දී අවුරුදු 18ට අඩු ළමා අපරාධ 1502 ක් වාර්තා වී තිබෙනවා. එසේම කැමැත්ත ඇතිව ස්ත්‍රී දූෂණ සිදු වීම් 1163 ක් වාර්තා වී තිබෙනවා. එසේම කැමැත්ත නොමැතිව බලහත්කාරකම් ලෙස සිදු වූ ස්ත්‍රී දූෂණ ගණන 339 ක් වී තිබෙනවා. එහි භයානකම තත්වය අවුරුදු 18 ට අඩු ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වී තිබීම.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව, උතුරු පළාතෙන් 119 ක් වශයෙන් ද, උතුරු මැද පළාතෙන් 236 ක් වශයෙන් ද ,වයඹ පළාතෙන් 235 ක් වශයෙන් ද බස්නාහිර පළාතෙන් 230 ක් වශයෙන් ද, නැගෙනහිර පළාතෙන් 129 ක් වශයෙන් ද, ඌව පළාතෙන් 114 ක් වශයෙන් ද, දකුණු පළාතෙන් 216 ක් වශයෙන් ද, මධ්‍යම පළාතෙන් 134 ක් සහ සබරගමුව පළාතෙන් 136 ක් වශයෙන් ද වාර්තා වී තිබෙන ළමුන්ට හෝ කාන්තාවන්ට සිදු වූ අපරාධමය තත්වයන් ප්‍රමාණය 1,502 ක් ලෙස සමස්ත රටෙන්ම සටහන් වී තිබෙනවා.
මා මෙහිදි විමසන්නට කැමති ශ්‍රී ලංකාවේ අම්මලා තාත්තලාගෙන් මෙය රටට හොඳ තත්වයක් ද කියා. අවුරුදු 18 ට වඩා අඩු ළමා ගැබ් ගැනීම් පළාත් වශයෙන් වයඹින් 25 ක් ද, දකුණින් 25 ක් ද, නැගෙනහිරින් 25 ක් ද, බස්නාහිරින් 22 ක් ද, සහ අනෙකුත් පළාත් වලිනුත් මෙවැනි ළමා ගැබ් ගැනීම් සිදු වී තිබෙනවා.
යුක්තියේ මෙහෙයුම නිසා ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන මෙම අපරාධ රැල්ලේ යම් අඩු වීමක් පෙනෙන්නට තිබෙනවා. පාසල තුලට මත්ද්‍රව්‍ය පැමිණීම අති භයානකයි. පොලිසියෙන් පාසල් වලට ඇවිල්ලා දරුවන්ව පරික්ෂා කරන එකත් අනුමත කරන්න බැහැ. තමන්ගේ පියා මත්ද්‍රව්‍ය වලට හුරු වීම නිසා එහි විපාක විඳින්නට සිදු වෙන්නේ දරුවාට. මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරන්නට, මත්ද්‍රව්‍ය වලින් අපේ රටේ ජනතාව මුදවා ගන්නට මේ වන විට කරගෙන යනු ලබන යුක්තියේ මෙහෙයුම ඉතාමත් අනගි ක්‍රියාවක් යැයි මා සිතනවා. මේ නිසා අපේ රටේ කාන්තාවට සහ දරුවන්ට සිදු වන අපරාධ රැල්ල නතර වෙයි කියා මා සිතනවා."