අරලියගහ මන්දිරියේ රාජකාරී යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි කොල්ලූපිටිය පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ කොල්ලුපිටිය කඳවුරට අනුයුක්ත සේවය කරන හොරෙව්පතාන , කපුගොල්ලෑව , මොරවැව අංක 36 නිවසේ පදිංචි පොලිස් කොස්තාපල් (90715) ඩි කේ එම් ප්‍රේමසිරි (29) හැවිරිදි නිලධාරියාය .
ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත
කොස්තාපල්වරයා ඊයේ (30) සවස හයේ සිට නවය දක්වා අරලියගහ මන්දිරයේ එච් 1 දොරටුවේ ස්ථාපිත උස්මුරකුටියේ රාජකාරිය යොදවා සිටියදී නිලධාරියාට නිකුත් කර තිබූ ටි -56 - 5106523 අංක දරණ ගිනි අවියෙන් වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
එම වෙඩි තබා ගැනීමෙන් වම් අතේ සුළඟිල්ලකට තුවාල සිදුවී ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය
මුරකුටියේ යකඩ තහඩුවට උන්ඩ දෙකක් ඇති බව ස්ථානය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
මේ සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින නිලධාරියාගෙන් සිදුකළ විමසීමේදී ,සිය මව මීට මාස හයකට පෙර මියගිය බවත් , මවගේ මරණින් පසු පියාද අවස්ථා කීපයකදී රෝගීව රෝහල් ගත කළ බවත් ,නිවසේ ඇතිව තිබෙන අග හිඟකම් පිළිබඳ සිය එකම සහෝදරයා සමග නිතර ආරවුල් ඇතිවන බවත් එම සිදුවීම් හේතුවෙන් ඇති වූ මානසික ආතතිය මත තමා විසින්ම වෙඩි තබා ගත් බව ප්‍රකාශ ලබා දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.