ශ්රී ලංකා ටෙලිකොම් හි රජය සතු සියයට 50.23ක බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ වනවිට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබා තිබේ.
ඒ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙක ය. කොටස් මිලදී ගැනීම සඳහා ලයිකා සමූහයද ඉදිරිපත්ව සිටියේය.
කෙසේ වෙතත් අවසන් වරට ඉන්දීය හා චීන සමාගම් ද්විත්වය තෝරාගෙන තිබේ. ජියෝ සමාගම ඉන්දීය ප්ර කෝටිපති ව්යාපාරික මුකේෂ් අම්බානිට අයත් වෙයි.