අධිකරණ තීන්දුවට එරෙහිව යමින් සාමකාමී උද්ඝෝෂණයට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (31දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙලෙස විරෝධය පළ කරමින් ආණ්ඩුවට සහ ජනාධිපතිට එරෙහිව පළමු වෙඩි මුරය තැබූ බවත්, තව මසක් තුළ නැවත ජනතාව එක්රැස් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යැවීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
&මේ රජය, රනිල් රාජපක්ෂව ගෙදර යවන්න දස දහස් ගණනක ජනතාවක් කොළඹට රුස් වුණා. ඒ විරෝධතාවය ඉතා සාර්ථක විරෝධතාවයක් වුණා. මේකට හොඳටම බය වුණ රනිල් වික්‍රමසිංහ මහත්මයා ටිරාන් අලස්ගේ පොලීසිය යොදලා අනීතිකව, ම්ලේච්ඡ විදියට මේ සාමකාමී විරෝධතාවයට පහර දුන්නා. කඳුළු ගෑස් ගැහුවා.
ඒ විතරක් නෙවෙයි වතුර වලින් ගැහුවා. අපේ පස් දෙනෙකුට වැඩිය රෝහල් ගත කළා. මේවා කරලා අපිව නවත්වන්න වෙන්නේ නෑ. අනිත් දේ තමයි ටිරාන් අලස්ගේ පොලීසිය උත්සහ කළා අධිකරණ කිහිපයකට ගිහින් තහනම් නියෝග ගන්න. කුරැඳුවත්ත පොලීසියෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගිහින් තීන්දුව ගන්න ගිය වෙලාවේ මොනවාද මහේස්ත්‍රාත් කිව්වේ? ඔහු කිව්වේ විරෝධතා පවත්වන්න, ජන මතය ප්‍රකාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවස්ථාව තියෙනවා, ඒ නිසා මේ තහනම් නියෝගය දෙන්න බෑ කියලා කිව්වා.
එසේ තිබියදී තමයි අනීතිකව මේ පොලීසිය ඇවිල්ලා කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේදී අපිට පහරදුන්නේ. අපි යන ගමන නැවැත්තුවේ. අධිකරණයෙන් කියනවා අයිතිය තියෙනවා කියලා, පොලීසිය නවත්වනවා. ටිරාන් අලස්ට අපි කියනවා නීතියට ගරු කරන්නේ නැති, අධිකරණ තීන්දුවට ගරු කරන්නේ නැති අයට විරුද්ධව අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා.
අද ආණ්ඩුව උත්සහ කරන්නේ රාජ්‍ය විරෝධය, රනිල් වික්‍රමසිංහ මහත්මයාට එල්ල වන විරෝධය එද්දි මේ මැර හමුදාව දාලා අපිව මර්ධනය කරන්න කටයුතු කළා. අපි ඒ නිලධාරීන්ට කියනවා නීතිය අනුව කටයුතු කරන්න කියලා. අනීතිකව කටයුතු කරන්න එපා.
ඒවාට උත්තර දෙන්න වෙයි අධිකරණයට ගිහින්. ඒ වගේම විපක්ෂනායකවරයා ජනතාව අමතද්දිත් කඳුළු ගෑස් හතර පස් සැරයක් ගැහුවා. විපක්ෂනායකවරයාටවත් දේශපාලනය කිරීමේ අයිතිය ලබලා දෙන්නේ නෑ. රනිල්ටත් ටිරාන්ටත් අපි කියනවා අරගලය දවසේ පැන්නුවා වගේ මේ රටේ ජනතාව පන්නන්න බෑ. මේක තමයි පළවෙනි වෙඩි මුරය. අපි තව මාසයකින් නැවතත් ජනතාව ඒකරාශී කරගෙන මේ ආණ්ඩුව, රනිල් වික්රමසිංහව ගෙදර යවන්න කටයුතු කරනවා.*