කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ 2023.03.23 දින පෙ.ව 8.30ට පමණ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර, තවත් ලාංකිකයෙකු අතුරුදන් වී තිබේ.
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. නව මිල ගණන් අද (24) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස පවසයි.
Read Moreඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් 23 දින සවස මියගොස් ඇති බව පොලිසිය කියයි.
Read Moreඅවිනිශ්චිතව කටයුතු කිරීම සම්බන්ධයෙන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා ලෙස තමන් අපේක්ෂා කරන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.03.24 දින ප්‍රකාශ කළේය.
Read Moreමෙරට මුහුදු සීමාවේදී 2021.05.19 වැනි දින සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව සිදුව ඇති පරිසර හානිය සහ ඊට අදාළ වන්දි මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් 2023.03.22 වැනි දින පැවති පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.
Read Moreණය ප්‍රතිව්‍යුහගත නොකලානම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් ශ්‍රී ලංකාවට තිබුණ බවත් එය ගෙවීම අපහසු නිසා ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreවිශ්ව සාම ෆෙඩරේෂනයේ (Universal Peace Federation ) උසස් නිලධාරීන් පිරිසක් දින 04 ක ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් 03/23 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
Read Moreමේ අනුව රජය සතු ප්‍රධානම ව්‍යවසායන් වන ශ්‍රී ලංකන් ගුවන් සේවය (ශ්‍රී ලංකන් කේටරින් ඇතුළුව), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්, ශ්‍රී ලංකා ටෙලිකොම්, කැන්විල් හොල්ඩින් (ග්‍රෑන්ඩ් හයට් හොටෙල්), හොටෙල් ඩිවලපර්ස් ලංකා ලිමිටඩ් (හිල්ටන් හොටෙල්), ලිට්‍රෝ ගෑස් සමාගම (ලිට්‍රෝ ග්‍රෑස් තොග ගබඩා පර්යන්තය ඇතුළු) මෙසේ පෞද්ගලීකරණය කිරීමට නියමිතය.
Read Moreදකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreකුඩා, මධ්‍ය සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය දිරිගැන්වීම සහ ඒවායේ පවතින මූල්‍යමය ගැටලු විසඳීම සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රය සමඟ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සාකච්ඡා විය.
Read More2022 වසර සඳහා වන පාසල් නිවාඩුවේ තුන්වන වාරය හෙට (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreදේශීය වෙළෙඳපොළේ යූරියා පොහොර මිල අඩුකිරීමට යූරියා ලංකාවට ගෙන්වන පෞද්ගලික සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩුකිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.
Read Moreපාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අද (23) නිතරඟයෙන් තේරී පත් විය.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (23) දිනයේදී තවදුරටත් ශක්තිමත් විය.
Read Moreරාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව සැකකාරියක ලෙස නම් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබන 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (23) දැනුම් දුන්නේය.
Read Moreඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් බවත් ඒ අනුව අඛණ්ඩ සැපයීම සහතික කර ගැනීමට හැකිවූ බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය පහසුකම අනුමත කිරීමේන් අනතුරුව ඒ වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කළ කිරිබත් කන අඥාන මිනිසුන් ශ්‍රී ලංකාවේ සිටින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read More2019 මැතිවරණ ප්‍රචාරක රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශයකට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණය විසින් රාහුල් ගාන්ධි වරකරු කරමින් මෙම දඩුවම නියම කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීම උදෙසා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයට (UN Women) ඩොලර් මිලියන 1.6 ක් ලබා දෙන ලදි.
Read Moreපාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි. ගැටලු කඩිනමින් නිරාකරණය කර නොගතහොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා.
Read Moreශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක හා ඊට යාපද දේශීය ජල තීරයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅනුරාධපුර නගරාසන්නයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වා ගෙන ගිය කාන්තාවකගේ දියණියට අයත් ලක්ෂ 80කට වැඩි රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ ගෘහ සේවයේ යෙදී සිටි කාන්තාවක් සහ ඥාති පුත්‍රයෙකු ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreපසුගිය මාස හත ශ්‍රී ලංකාවේ දුෂ්කරම කාල සීමාව වූ බවත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව එය සාර්ථකව කළමනාකරණය කර ගත් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreආනයනික කිරිපිටි මිල අඩුකිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව කිලේ එකක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් අඩුවීමට නියමිත අතර ඊට සමගාමීව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩුකිරීමට නියමිතය. මෙම මිල අඩුකිරීම සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇත.
Read Moreඑක්සත් ජනපද ෆෙඩරල් සංචිතය අපේක්ෂිත කුඩා අනුපාත වැඩිවීමක් ප්‍රකාශ කිරීමත් ඩොලරය සති හයක අවම මට්ටමකට පැමිණීමත් හේතුවෙන් බදාදා දිනයේදී ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල 2% කින් පමණ ඉහළ ගියේය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් නොපැමිණීම හේතුවෙන් සීඝ්‍රයෙන් එළවළු තොග මිල පහත වැටී අලෙවිකර ගැනීමට නොහැකි තත්වයකට 23 දින උදෑසන සිට පවතින බව ගොවීන්හා වෙළෙන්දන් පවසති.
Read Moreසති දෙකක කාලයක සිට පාර්ලිමේන්තුවට බිත්තර නොමැති බවත් කඩවල් 10ක් ගත්තොත් කඩවල් 8කම බිත්තර නොමැති බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreරාජ්‍ය වාණිජ විවිධ සංස්ථාව විසින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.
Read Moreජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුගමගේ මහතා පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව තේරී පත්විය.
Read Moreඅන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.
Read More