මේ වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවැනි පාසල් වාරය අද (07දා) අවසන් විය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සඳහා දීර්ඝ කාලයක් දායකත්වය දෙමින් අලංකාර කළ අලි ඇතුන් 27 දෙනෙකුට සම්මාන පළඳනාවන් පිළිගැන්වීමක් දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විණි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ’’ඉදිරි දිනවලදී’’ හමුවීමට එකඟ වී ඇති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශකයෙක් පවසා තිබේ.
Read Moreමාදුරුඔය රක්ෂිතයේ ඇබලවත්ත ප්‍රදේශයේ තිබී වන අලි සිරුරක් අද 07 උදෑසන හමු වූ බව මහියංගණය පොලිසිය පැවසීය.
Read Moreනුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ නගරයට පැමිණෙන වාහනවලට අවහිරවන සේ අයාලේ සැරි සරණ පෝනියන් අල්ලා ගාල් කිරිමට පියවර ගත් බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය.
Read Moreවාහන වෙනුවෙන් මේ වන විට පවතින බද්ද විශාල බවත් තවදුරටත් වාහන බදු ඉහළ නොදමන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreසුප්‍රීම් සැට් සමාගම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට ලබාදුන් තොරතුරු නිවැරදි නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreරුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු 08/07 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමහනුවර–යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක්, අද (7දා) උදෑසන අනුරාධපුර ගල්කුලම ගල්වඩුවාගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව, එම වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව තිරප්පනේ පොලිසිය පවසයි.
Read Moreඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියාවට පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 50ක් දක්වා තවත් සියයට 25කින් වැඩි කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමහනුවර මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කොට ඇති නගරයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ සිටුවන ලද වටිනා මී ගසක අතු කපා දමා ඊට හානියක් සිදුකළ ව්‍යාපාරිකයකුට ඒ හා සමාන ගස් දෙකක් සිටුවීම සඳහා රුපියල් 20,000ක මුදලක් අය කරගෙන තිබේ.
Read More2025 අගෝස්තු මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ඊයේ (06) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. මේ අනුව පාර්ලිමේන්තුව අගෝස්තු 19 සිට 22 දක්වා රැස්වීමට නියමිතය.
Read Moreනව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සඳහා අනුමතිය කඩිනමින් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
Read Moreහදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබුන මීමුරේ මාර්ගය නැවත විවෘත කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා කියයි.
Read Moreදුම්රිය ගේට්ටු වසා තිබියදී ඒ හරහා අනාරක්ෂිත අයුරින් ගමන් ගන්නා රථවාහන අල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කරන වැඩපිළිවෙළ රට පුරා තීව්‍ර කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසයි.
Read Moreමහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (06දා) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
Read More2011-12 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක් පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇමරිකාව සමග ඇති කරගත් එකඟතාව කුමක්ද යන්න වහාම රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට අවධාරණය කර සිටී.
Read Moreශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreසිව් දින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ඇතුලු දූත පිරිස අද (06) දිවයිනට පැමිණි අතර විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එම දූත පිරිස පිළිගෙන තිබේ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජාතික විගණන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreනිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් 5 දෙනෙකු පස් කන්දකට යට වෙයි. මස්කෙළිය සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්ද ඉවත් කරමින් සිටි කම්කරුවන් මතට තවත් පස් කනද්ක් කඩා වැටීමෙන් යට වී සිටි පිරිස මුදා ගෙන රෝහල් ගත කිරිමට අවට පදිංචිකරුවන් (06) දින සමත් වී ඇත.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreතෙල් සංස්ථාවේ පිරිසක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළ ආකාරයෙන් උද්ඝෝෂණයකට පහරදීමට නොගිය බවත්, ඔවුන් කොලොන්නාවේ සිට සාකච්ඡාවකට දෙමටගොඩට යෑම පහරදීමකට යෑමක් ලෙස දයාසිරි මන්ත්‍රීවරයා හුවා දැක්වූ බවත් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැසීය.
Read Moreගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreරාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreතෙල් සංස්ථාවට අයත් බස් රථයක 50 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මහරගම අද(06දා) පැවැත්වෙන උද්ඝෝෂණයට පහරදීමට යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය
Read Moreමෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඉලක්ක කර ගනිමින් ’’ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025’’, ධීවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ ධිවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) දා නිල වශයෙන් ආරම්භ වු අතර, එය ලබන අගෝස්තු 20 වන දින දක්වා පැවැත්වේ.
Read Moreරජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අරවින්ද සෙනරත් මහතා පැවසීය.
Read More