දොඹගහවෙල පොලිස් වසමට අයත් ඇල්ල ලන්ද ප්රදේශයේ කපමින් තිබූ තේක්ක ගසක් අදිමින් සිටි අයෙකුගේ හිස මතට ගසේ අත්තක් වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි අයෙකු (21) වෙනිදා රාත්රී මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ දොඹගහවෙල ඇල්ල ලන්ද පදිංචි ආර්.එම් ජයතිස්ස පනස් (52) නැමති තිදරු පියෙකි.
ඔහු අසල්වැසියෙකු වන ආර්.එම් අප්පුහමින් නැමති අයගේ කපමින් තිබූ තේක්ක ගසක් තවත් තිදෙනෙකු සමඟ කඹයකින් අදිමින් සිටියදී තේක්ක ගස වැටී ඇති අතර එහි අත්තක් ඔහුගේ හිසේ වැදී තුවාල ලබා රෝහල් ගත කර සිටියදී මෙලෙස මිය ගොස් තිබේ.
ඔහුගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය (22) වෙනිදා මොනරාල් දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
දොඹගහවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.