බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රමේෂ් නමැත්තා රදවා සිටින ඒ කොටසේ අංක විස්ස සිර මැදිරියේ තිබී ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් ඇතුලුව බන්ධනාගාරය තුළට ගෙන යාමට තහනම් කොට ඇති ද්‍රව්‍ය තොගයක් ඊයේ(21)සිදු කළ විශේෂ මෙහෙයුමකදී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මේ විශේෂ මෙහෙයුමේදී පාතාල කල්ලි සාමාජික මන්නා රමේෂ් නමැත්තාගේ සිට මැදිරියේ තිබී ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයට අමතරව මත් කුඩු ග්‍රෑම් එකක්,දුරකතන සඳහා භාවිතා කරන සිම් කාඩ් පත් දෙකක්,ඩේටා කේබලයක්,බැටරි චාජරයක් සහ විදුලි බුබුලක සඟවා තිබූ ක්ලේ ස්වල්පයක් සොයා ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා හදිසි පතිචාර සහ උපකමික ඒකකය එකතුව මේ විශේෂ මෙහෙයුම සිදු කළහ.
