හබරාදූව වැඩ බලන සභාපති තක්ෂිණ
හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කල ( ජාතිකජනබලවේගය) හර්ෂ පුංචිහේවා මහතා සියධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වි ඇති හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයේ වැඩ බැලිම සදහා නියෝජ්‍ය සභාපති තක්ෂීන රවිශාන් ගමගේ මහතා පත්කරනු ලැබ තිබේ.
තමන්ගේ පෞද්ගලික හේතුවක් මත සිය දූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබූ බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හර්ෂ පුංචිහේවා මහතා පැවසීය.
සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ නමුත් හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභික ධූරයේ කටයුතු අඛණ්ඩවම ඉටුකරන බවද සඳහන් කල ඒ මහතා හබරාදුව ජනතාවගේ අපෙක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් සභාවේත් තමන් නියෝජණය කරනු ලබන දේශපාලන පක්ෂයේ කටයුතුද ඉදිරියටත් සිදුකරන බවද හර්ෂ පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කලේය.
අද (22) පෙරවරුවේ හර්ෂ පුංචිහේවා මහතා හබරාදුව ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති තක්ෂින රවිශාන් ගමගේ මහතාද සමග අහංගම සති පොලේ නිරීක්ෂන චාරිකාවකද එක්ව සිටිනු දැකිය හැකිවිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

