වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ 2025දී
මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලර් මහතා සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (22) විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ රටම එකට ජාතික මෙහෙයුමට අදාළ ප්‍රගතිය පැහැදිලි කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
2025 ඔක්තෝබර් 30 වනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නායකත්වයෙන් රාජ්‍ය යාන්ත්‍රණය, ශ්‍රී ලංකා පොලීසිය හා සෙසු සියලුම ආයතන ඒකාබද්ධව විශේෂයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ සුවිශේෂී කාර්යයභාරයට ප්‍රවේශයක් ලබාදුන් බව සිහිපත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වන විට ඉතාමත් සාධනීය ප්‍රතිඵල රැගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට එමගින් හැකියාව ලැබී ඇති බවද සඳහන් කළේය.
2024 වසරේ හෙරොයින්, ගංජා, කොකේන් සහ හෂීස් යන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10,871ක් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවද 2025 වසරේ පොලිස්පතිතුමාගේ සෘජු අධීක්ෂණය සහ මැදිහත්වීම මත තීව්ර කරන ලද සියලුම මෙහෙයුම් හරහා 2025 වසරේ අති සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකි වූ බවද අවධාරණය කළේය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් 2025 වසරේ හෙරොයින්, ගංජා, කොකේන් සහ හෂීස් සහ අයිස් යන සියලුම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 23692ක් සහ ග්‍රෑම් 307ක් සදහා මෙම මෙහෙයුම් තීව්ර කිරීමට හැකියාව ලැබුණු බවද අවධාරණය කළේය.
2024 වසරේ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 832 ක් වුවද 2025 වසරේ එම ප්‍රමාණය මෙන් තුන් ගැණයක් පමණ එනම් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1821ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද සිහිපත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ශ්‍රී ලංකා පොලීසිය තීව්ර ලෙස සෝදිසි කිරීම්, පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් මෙහෙයවීම මත මෙම හැකියාව ලැබුණු බවද සිහිපත් කළේය.
2024 වසරේ ගංජා කිලෝ ග්‍රෑම් 8359ක් 2025 වසරේ 17189ක් දක්වා වැඩි කර තීව්ර කිරීමට නොඑසේනම් සෝදිසි තීව්ර කිරීමට හැකියාව ලැබුණු බවද පැවසුවේය. කොකේන්, හෂීස් සහ අයිස් සංසන්දනාත්මක අගයක් සලකා බැලීමේදී 2024 සහ 2025 වසර වල මත්ද්‍රව්‍ය ජාවාරමට සියයට සීයකින් තිත තැබීමට හැකියාව ලැබී ඇතැයිද අවධාරණය කළේය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ජාලගත අපරාධයක් බවද එනම් හුදෙක් මුදල් පසුපස යමින් මුදල් මත යැපෙන ව්‍යාපාරයක් බවද පැවසුවේය. මෙම ජාලගත අපරාධයට විදෙස්ගතවී අධිකරණයෙන් සැඟවී සිටින විදේශිකයින් පවා විදේශ රටවල සිටින අපරාධකරුවන්ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇතැයිද සඳහන් කළේය.
මෙම උදර්පන නීතිය යටතේ විශේෂයෙන් 2024 දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10 දෙනෙකු මෙරටට ගෙන ඒමටත් 2025 වසරේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 11 දෙනෙකු ඇතුළු මෙම වසර දෙකේදී විසි එක් දෙනෙකු පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවද පැවසුවේය.
විදේශ වල සැඟවී සිටින අධිකරණය මගහරිමින් සිටින අපරාධකරුවන් 95 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇතැයිද පැවසුවේය. ඉදිරි කාලය තුළදී විදේශයන්හි සැඟවී සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට ඉතාමත් පැහැදිලිව සහ අපේක්ෂා සහගතව සිටින බවද පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

