කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවති දින 11 තුළදී මහනුවර නගරයට එකතු වූ කසල ටොන් 318 ක් මහනුවර මහණකර සභාව විසින් ගුහාගොඩ කසලසල අංගනය වෙත යොමු කළ බව නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානි සහ ප්‍රධාන ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා පවසයි.
යුධ හමුදාවට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ මස 15 වන දින සිදු කරන හර්තාල් ව්‍යාපාරායට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයොගය ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් මහතා තීර්ණය කල බව එම පක්ෂයේ මාධ්‍ය නිවේදනයක් සිදු නිකුත් කරමින් සදහන් කරයි.
Read Moreජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන 2025 ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, තරුණ තරුණියන් 6000 කගේ සහභාගීත්වයෙන් 2025.08.12 දා පෙ.ව 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Read Moreමිහින්තලයේ පිහිටි ඓතිහාසික අනුලා සෑයේ කැණීම් වලදී හමුවූ ගල් පෙට්ටි විවෘත කරන විට, එම පෙට්ටිය තුළින් හමුවූ ගල් මංජුසා ඇතුළු සහ තවත් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත වටිනා වස්තු වලට සිදු වූයේ කුමක්ද? මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර සොයා බලන ලෙස ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරන බව මිහින්තලා විහාරාධිපති පවසති.
Read Moreසැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය. එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාවට පසුව පලස්තීන රාජ්‍ය නිල වශයෙන් පිළිගන්නා බවට නිවේදනය කළ සිව්වැනි ප්‍රධාන පෙලේ රට වන්නේ ඔස්ට්‍රේලියාවයි.
Read Moreසුප්‍රිම් සැට් පුද්ගලික සමාගම විසින් රට තුළ සංසරණය වන වැරදි තොරුතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අද(11දා) නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More“දැනට අපේ රටේ රටට අවශ්‍ය කිරි වලින් අපි නිෂ්පාදනය කරන්නේ සියයට හතළිහක් පමණයි. සියයට හැටක් විදේශ රට වලින් ගෙන්වනවා.ඒ සඳහා රුපියල් බිලියන 70 පමණ වැය වෙනවා. ඩේරි හබ් ව්‍යාපෘතිය යටතේ ඉදිරි තෙවසර තුළ එසේ ඇදී යන මුදල අවම කිරීමට පියවර ගන්නවා” යැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පැවසීය.
Read Moreපිලිපීනයේ පැවති ’’මිස් ටුවරිසම් යුනිවර්ස් - 2025 ’’ ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ’’ ජාත්‍යන්තර සංචාරක රූ රැජින ( Qeen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගෙන 08/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreමේ දින වල මී උණ රෝගය පැතිර යන බැවින් ළමුන් කුඹුරු ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැලකිලිමත් විය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
Read More’’කවුරු මොනව කීවත් අපි අවුරුදු පහෙන් යන්න ආව නෙවෙයි. මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරි අවුරුදු පහ නෙවෙයි ඉදිරි අවුරුදු 10- 15 හෝ ඊටත් වඩා කාලයක් අපි මේ රට පාලනය කරනවා’’
Read Moreගාසා නගරයේ අල්-ෂිෆා රෝහල ආසන්නයට ඊශ්‍රායෙලය එල්ල කළ ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව එම පුවත් සේවය පවසයි.
Read Moreරාත්‍රී කාලයේ දෙහිවල පොලිස් වසමේ දෙහිවල ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර වීදී ගණිකා සේවයේ යෙදුනු සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
Read Moreමහනුවර නගරයේ ත්‍රී රෝද රථ 3000 කට වඩා තිබුණත් ලියාපදිංචි වී ඇත්තේ 1861 ක් පමණයි- බලපත්‍ර ගන්නේ 300 ක් ගණනක්
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරායේ ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන තිබු BYD මෝටර් රථ 991 කොන්දේසි කීපයකට යටත්ව මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව පසුගිය 07 වනදා අභියාචනා අධිකරණයේ එකඟතාවය පළකිරීමත් සමඟ අදාළ වාහන හම්බන්තොට වරායෙන් නිදහස් කිරීම ඊයේ (10) සවස සිදු කරනු ලැබීය.
Read Moreබොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් පිරිවෙන් අධ්‍යාපනයට අදාළ විෂය පථය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreමෙරටට ආහාරමය පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා මේ වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට ජුනි 30 දක්වා කාලසීමාව තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2,315.5 ක මුදලක් වැය කොට තිබූ බව ශ්‍රි ලංකා මහා බැංකුව විසින් අගෝස්තු 8 වන දින නිකුත් කොට ඇති මූල්‍ය වාර්තාවකින් අනාවරණය වෙයි.
Read Moreතුර්කියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.
Read Moreමෙරට ගුවන් යානා ඉන්ධන අලෙවිය 2025 වසරේ ජනවාරි මස 1වැනි දා සිට ජූනි මස 30 වැනිදා දක්වා කාල සීමාවේ දී ලීටර් මිලියන 21.5 කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතාගෙන් 8 වන දින කරන ලද විමසීමකදී ඒ මහතා සඳහන් කළේය.
Read Moreආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව හෙට (11දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
Read Moreට්‍රැෆික් වැරදි පමණක් නොව පොලීසියේ වෙනත් වැරැදිද වීඩියෝ කර එවිය හැකි බවත් ඒ සඳහා පොලීසිය හඳුන්වා දී ඇති ඇප් එක ඉතාම ජනප්‍රිය බවත් මේ සඳහා වට්ස්ඇප් යොදාගැනීමේ පහසුකමද සලසන බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා බදුල්ල පොලිස් පරිශ්‍රයේ පැවති මාධ්‍යහමුකදී පැවසීය..
Read Moreශිෂ්‍යත්ව විභාගය යනු එක් විභාගයක් පමණක් බවත් මේ නිසා විභාගයට පෙනී සිටි දරුවන් පීඩනයට පත් කිරීමෙන් වළකින ලෙස තමන් දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු මොහොතකය පෙර සමත් විය.
Read Moreඉන්දීය බොලිවුඩ් සිනමා නිළි තමන්නා සන්තෝෂ් භාටියා ශ්‍රී ලංකාවේ වෙළද දැන්වීමක රගපෑම සදහා 08/09 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreනුවරඑළිය මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරුන් වශයෙන් තේරී පත් වූ ස්වාධීන කණ්ඩායම් නායක ඒ.ආර්.අජිත් කුමාර මහතාගේ යෝජනාවකට අනුව ඔහුගේ සහ එම කණ්ඩායම නියෝජනය කරමින් තේරී පත්වූ තවත් නාගරික මන්ත්‍රීවරයෙකු වන පූජ්‍ය මාකඳුරේ රතනවංශ හිමියන්ගේ සහ සමගි ජන බලවේගය නගරික මන්ත්‍රී නුවන් පොරුතොට යන අයගේ මාසික වැටුප අඩු ආදායම්ලාභීන්ට හා ආබාධිත පුද්ගලයන්ට බෙදා දීම අද (10දා) මාගස්තොට ශ්‍රී සේනානන්දාරාමය විහාරස්ථානයේදී සිදු කෙරිණ .
Read Moreමෙරට තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර යෞවන සමාජ ආරම්භ කළ බව හිටපු ජනාධිපති, යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 178ක් රැස් කළේය.
Read Moreමේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට අගෝස්තු මස 05 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන්ගේ ප්‍රමාණය 1 408 335 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreවීරගුල පොලිස්ථානය තුලදී උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇත. අද (10) පස්වරු 2 ට පමණ පොලිස් පරිශ්‍රය තුලදී වෙඩි තබා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.
Read Moreනවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ ගම්මාන රැසක වගා කල කිලෝ ලක්ෂ ගනනක වට්ටක්කා අස්වැන්න අලේවි කර ගැනිමට නොහැකිව ගොවින් දැඩි අසරණතාවයට පත්ව ඇති බව කියයි.
Read More