saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 208 hours ago

LATEST

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

calendar_today 2025 අගෝ 10 - 14:21 remove_red_eye - 78  

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

නිත්‍යානුකුල බාරකාරත්වයෙන් අපහරනය කර බාලවයස්කාර ( අවුරුදු 13ක )පිරිමි දරුවෙකුට ලිංගික අතවර සිදුකරන ලද චිවරධාරි හිමිනමක්(අවුරුදු 42)රත්නපුර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත විරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 18 වන දිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරින.

Read More

’’’මාධ්‍ය කියන්නෙ අද අත්‍යවශ්‍ය, හැමෝටම නැතිවම බැරි දෙයක්. දේශපාලනයයි මාධ්‍යයි අතර අන්‍යෝන්‍ය සබැදියාවක් තියෙනවා.මාධ්‍යයෙන් ’’’මාධ්‍ය කියන්නෙ අද අත්‍යවශ්‍ය, හැමෝටම නැතිවම බැරි දෙයක්. දේශපාලනයයි මාධ්‍යයි අතර අනතොර දේශපාලනයකුත් නැහැ,,දේශපාලනයෙන් තොර මාධ්‍යයකුත් නැහැ.මාධ්‍යයි දේශපාලනයයි එකිනෙකට පෝෂණය කරනවා’’යැයි විදේශ කටයුතු හා සංචාරක පුවර්ධන ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. ’’ගම්පහ මාධ්‍ය සංවිධානය’’පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් හෙතෙම එසේ පැ

Read More

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් තවත් මරණ 11 ක් වාර්තා වී තිබේ. ඒ අනුව, මන්දපෝෂණයට සම්බන්ධ මුළු මරණ සංඛ්‍යාව 212 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් ළමුන් 98 ක් ද වෙන බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඌව පළාතේ අපරාධ මැඩලීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ඌව පළාත් නව අපරාධ කොට්ඨාසය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කරන ලදී. පරණ පොලිසිය, මහියංගනය පාර, බදුල් දරණ ස්ථානයේ මෙම ඒකකය පිහිටුවා තිබේ. ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‌පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ඒකකය ක්‍රියාත්මක වෙයි.

Read More

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ආරම්භවීමට නියමිතය.

Read More

බළන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේදී අද(9 දා) අළුයම 3.30 පමණ නිවසක් තුළ ඇතිවී තිබෙන ගින්නකින් වයස අවුරුදු 7 දරුවෙකු .මියගොස් ඇති බව බලංගොඩ පොලිසි පැවසීය.

Read More

අදට (09) යෙදී ඇති ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන අතර එමඟින් ගාසා තීරයේ ජනතාවගේ ප්‍රචණ්ඩත්වය සහ දුක් වේදනා තවදුරටත් උග්‍ර වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොස්ලන්ද කැලිපාණාවල ප්‍රදේශයේ වගා බිමක් තුළ ඇද තිබූ අනවසර විදුලි රැහැන්නක පැටලී අද (09) පුද්ගලයෙකු සහ මී ගවයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව කොස්ලන්ද පොලීසිය.

Read More

ඕපනායක පොලිස් වසමේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. ඊයේ දහවල් කාලයේදී මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 12ක් වන මෙම දරුවා සිය දෙමාපියන් සමග ප්‍රිය සම්භාෂණයකට එකව සිටියදී තම මිතුරන් සමග පිහිනුම් තටාකයේ ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

Read More

දිවයිනේ බොහෝ පළාත්වල අද දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කන්ද උඩරට සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර ජනාධිපතිවරයා නරඹෙමින් සිටියදී ඊට ඉහළින් ඩ්‍රෝණ කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශකයකු අත්අඩංගුවට ගෙනන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ මහතා තෙල් සංස්ථා සේවකයන් මහරගම උද්ඝෝෂණයට පහරදෙන්න ගිය බවට රටේ සමස්ථ ජනතාව නොමග යැවිමේ අරමුණින් කරන ලද සාවද්‍ය ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සමස්ථ තෙල් සේවකයන්ගෙන් සමාව ඉල්ලා ගතයුතු බවත් ඛණිජ තෙල් පොදු සේවක සංගමයයේ ලේකම් මනෝජ් විජයවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන් ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිළධාරි මෙන්ම වැටුප් ලිපිකාරිනි ලෙස කටයුතු කළ කාන්තාවක් සහ ඊට අනුබල දී ඇති බව කියන රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක්‌ වන පිනිබෙරලිය(Doona ovalifolia) ශාක විශේෂය සංරක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මණ්ඩගල ග්‍රාමසේවා වසමේ වෑවැල්ල ‍දොළ දෙපස පිණි බෙරලිය පැල රෝපණය කිරීමේ වැඩසටහනක් 2025.08.07 වන දින ක්‍රියාත්මක කරනලදී.

Read More

නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකුට (08) දින දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (අගෝ. 08) දින රත්තනගොල්ල - ඉඹුල්පේ, බලංගොඩ ප්‍රදේශයේ ඇති වූ හදිසි ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා ක්ෂණික මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

Read More

වෙඩි වැදී කණ්ඩලම ජලාශයේ මාස හතරකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නම් වූ වන අලියාට සිංහල බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීම 07 දින පස්වරුවේ සිට ආරම්භ කොට තිබේ.

Read More

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළපුලියන්කුලම හා ඒ අවට ප්‍රදේශයට මෑතක සිට රාත්‍රී කාලයට කඩාවදින ඇතෙකු සිදුකරන පහරදීම් ,අනතුරු හා දේපොළ හානි හේතුවෙන් එහි ජනතාව භීතියට පත්වී සිටිති.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය කර තිබේ.

Read More

ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (08) රාත්‍රීයේ යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

Read More

ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය කියයි.

Read More

අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලිස්පති ධූරය සඳහා වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම එවා ඇති අතර, එම නම රැස්වීමේ අවසන් අවස්ථාවේ ලැබී ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මීළඟ දිනයට ගැනීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තීරණය කර ඇති බවද වාර්තා විය.

Read More

භෝග වගාවන් 06 කට අදාළව 2024/2025 මහ කන්නයේ වගා හානි වන්දි වශයෙන් මෙම වසරේ රුපියල් මිලියන 1484 ගෙවා අවසන් කර තිබෙන බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

Read More

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක මොළේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන Meningococcal vaccine එන්නත නොමැති වීම නිසා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිස්වලට දුෂ්කරතාවන්ට මුහුණබොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක මොළේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන Meningococcal vaccine එන්නත නොමැති වීම නිසා විදෙස්ගත වීමට බලාපොරොත් පෑමට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

2014 හා 2017 වසරවලදී සබරගමු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ මහීපාල හේරත් මහතා මාසිකව තමන්ට හිමි ඉන්ධන දීමනාවටට අමතරව තවත් ඉන්ධන ලීටර් 3000ක් ලබාගෙන ඇති බව කෝපා කමිටුවේදී අණාවරණය විය.

Read More

රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද (07) එකගතාවය පළ කළේය.

Read More

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහි විමර්ශනය සමථයකට පත් නොකරන බවත් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන බවත්, අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියට අද (07දා) දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.