saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 210 hours ago

LATEST

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට 2026ට රු.කෝටි 11,000ක්

calendar_today 2025 අගෝ 06 - 12:59 remove_red_eye - 295  

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

තෙල් සංස්ථාවට අයත් බස් රථයක 50 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මහරගම අද(06දා) පැවැත්වෙන උද්ඝෝෂණයට පහරදීමට යමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය

Read More

මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඉලක්ක කර ගනිමින් ’’ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025’’, ධීවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ ධිවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ‍පසුගිය (04) දා නිල වශයෙන් ආරම්භ වු අතර, එය ලබන අගෝස්තු 20 වන දින දක්වා පැවැත්වේ.

Read More

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අරවින්ද සෙනරත් මහතා පැවසීය.

Read More

රෝහල් පද්ධතිය තුල වෛද්‍ය හිඟය, වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම්, ස්ථාන මාරු නිසි පරිදි කලමණාකරනයට අසමත් වීම සහ ඖෂධ අර්බූදය කළමණාකරකණයට අසමත් වීම හේතුවෙන් දිවයින පුරා රෝහල් වැසීයාමේ අනතුරක. පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(06දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ධර්ම විකෘතින් සහ ශාසන විකෘතින් සිදු කරමින් ශාසන විලෝපනයන්හි නියුක්ත බදුලුගම්මන සුමනසාර හිමියන් මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයෙන් නෙරපීමට සහ ඓතිහාසික බිබිල නාගල රජමහා විහාරාධිපතිත්වයෙන් ඉවත් කිරීම මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමතියට යටත්ව කාරක මහා සංඝ සභාවේ සම්මතයෙන් සිදුකොට තිබේ.

Read More

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ තුන්වැනි රන්දෝලි පෙරහර අද (06දා) වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (06දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවර‍ැන් සඳහා වන සමූහ රක්ෂාවරණය රුපියල් මිලියනයක සීමාවේ සිට රුපියල් 250000 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023/05/15 දින පැවැති අමාත්‍ය මණ්ඩ රැස්විමේදි අනුමැතිය දි ති‍බේ.

Read More

1 වසරට ළමුන් ඇතුලත් කිරීමේදී වසර 05ට පෙර 360,000ක් පැවති සංඛ්‍යා වර්තමානෙය් වන 298,000ක් දක්වා අඩුවෙලා, මේක භයානක අඩුවීමක් - පා.ම.රවී කරුණානායක උපත් සංඛ්‍යාව අඩු වීම ඊට ප්‍රධාන වශයෙන් බලපාලා, 2030 වන විට පුරෝකතනය අනුව මෙම සංඛ්‍යාව 196,209ක් විය හැකියි - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න

Read More

නිසි මිලක් නොමැතිකම හේතුවෙන් තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව සිටි මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වට්ටක්කා ගොවීන්ගේ එම අස්වැන්න අතර මැදියන්ගෙන් තොරව, සෘජුවම සාධාරණ මිලකට මිලදී ගැනීමේ වැඩ සටහනක් අද (5දා) කාගිල්ස් ආයතනය මගින් මහවිලච්චියේදී සිදු කෙරිණි.

Read More

මාවනැල්ල නගරයේ නිවසක පිටු පස වළලා තිබූ බිලිු මල සිරුරක් අද (5) ගොඩගත් බව මාවනැල්ල පොලීසිය පවසයි. මහනුවර දංගොල්ල ප්‍රදේශයේ අයෙකු විසින් පොලීසියට ලබාදුන් තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

Read More

රු.10000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

Read More

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයැදීමට සූදානම් බව ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකුණුවේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියට අද (05) දැනුම් දුන්නාය.

Read More

රුපියල් මිලියන 425 ක් පමණ වැය කර “Clean Sri Lanka ” වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

අද (06) සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.

Read More

ගන්දර කපුගම ප්‍රදේශයේ නිවසක සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරිමේ සිද්ධියට පැමිණි සැකකරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් පින්තාරුකරුවෙකු ඊයේ (04) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.

Read More

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත්තේ කොටිකොටි නායකයෙකු ලබා දුන් බොරු සාක්ෂි මත යන්න බව පැහැදිලිවම තහවුරු ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැස‍ිය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

චීන මහජන විමුක්ති හමුදාව සැමවිටම ලෝක සාමයේ සහ ආරක්ෂාවේ ප්‍රධානතම බලවේගය වී ඇත බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා පොදු, පුළුල්, සහයෝගී සහ තිරසාර ආරක්ෂාව පිළිබඳ දැක්ම වෙනුවෙන් පෙනී සිටින බවත්ශ්‍ රී ලංකාවේ චීන තානාපති ෂී ශෙන්හොන් මහතා පැවැසීය.

Read More

දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(05දා) පැවසීය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණ අතර ඒ අනුව එම යෝජනාව තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් සම්මත විය. විරුද්ධව කිසිම ඡන්දයක් නොලැබුණ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

Read More

රහස් පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ පාතාල අපරාධකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා මිදිගම රුවන් සහ රහස් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ අද (05) බාර දුන්නේය.

Read More

2005 සිට 2014 දක්වා කාලය තුඝ දේශපාලඥයන්ගේ දරුවන් , ඥාතීන් සහ හිතවතුන් ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ලබා ගෙන ඇති බව අද (05දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.ක

Read More

මේ දිනවල පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් කලා බළලු වැවේ ජලය විශාල වශයෙන්ම සිඳී ගොස් තිබේ ,සිදී ගිය වැව් තාවුල්ලේ සරුසාරව බෙරු තණ වැඩීමත් සමඟ අලි ඇතුන් තුන් සියයකට අධික පිරිසක් මේ දිනවල කලා බළලු වැවේ තෘණ උලා කෑම දැකගැනීමට හැකි වී තිබේ.

Read More

පැරණි මානව ජනාවාසකරණය පිළිබඳ මෙතෙක් ගවේෂණය නොවූ අද්විතීය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සැලකෙන ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කලාප අංක එකට අයත් රිදී කන්ද පුරාවිද්‍යා කලාපයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පල්ලවංක කුලම ඉපැරණි ජනාවාස සහිත පැරැණි වරායේ ගවේෂණ කටයුතු ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි .

Read More

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් එකම සක්‍රීය වැව වන ඒත්තාල ග්‍රාම නිළධාරී කොට්ඨාසයට අයත් තඹර වැව හෙවත් නෙලුම් වැවේ අනවසර ඉදිකිරීම් සිදු වෙමින් පවතින බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා කර සිටිති.

Read More

බඩල්කුඹුර පොලිස් වසමට අයත් මාලිගාතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු තම කුකුළෙකු බැල්ලියක විසින් රැගෙන ගොස් මරා දැමීම නිසා කෝපවී බැල්ලියකට (03) වෙනිදා කැප්ප තුවක්කුවකින් වෙඩි තබා මරා දමා ඇත.

Read More

මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ලැයිස්තුගත සමාගම් සඳහා ආයෝජන සීමාව ඇ.ඩො 500,000 සිට 750,000 දක්වා ඉහළට -ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඇ.ඩො 150,000 සිට 200,000 දක්වා ඉහළ නංවයි - ඇ.ඩො මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා විශේෂ අනුමතියක් අවශ්‍ය වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.