saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1671 hours ago

LATEST

ආසියානු - පැසිෆික් කායවර්ධන තරගාවලියේදි ලංකාවට පදක්කම් 7ක්

calendar_today 2024 සැප් 05 - 10:59 remove_red_eye - 181  

පිලිපීනයේ පැවති ආසියානු - ෆැසිපික් කායවර්ධන සහ ශාරීරික නිරූපන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 09/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය.

බංගලාදේශය බංකොලොත්භාවයෙන් මිදීම සඳහා වර්තමානයේ බංගලාදේශය පාලනය කරන නොබෙල් සාම ත්‍යාගලාභී යුනොස් මහතා උපදෙස් ලබාගන්නේ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කෝන් මහතා සඳහන් කළේය

Read More

රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා මහතා ඇතුළු පළාත් පාලන ආයතන රැසක හිටපු මහජන නියෝජිතයන් සහ ක්‍රියාකාරින් පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුර්ණ සහාය පළ කරන බව කියා සිටියහ.

Read More

ඉදිරි මසක පමණ කාලය තුළ බැංකු පොලිය සියයට 9 දක්වා අඩුවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

මෙරට ළමුන්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳ පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනුව අනාවරණය වී තිබේ.

Read More

මෝටර් රථයක් යොදාගෙන සංවිධානාත්මකව රෙදි පිළි වෙළඳසැල් සහ තවත් වෙළෙදසැල් කොල්ලකෑම් සිදුකල කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.

Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුමෙන් කිසිසේත්ම ඒකපාර්ශවීයව ඉවත් නොවන බව ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කර තිබෙන පැරාමිතීන් රටකට අහිතකර නොවන බවත්, කවුරුන් විසින් ලබාදුන්න ද එම ආර්ථික ඉලක්ක හොඳ ඒවා බවත් ඔහු ප්‍රකාශ කළේය. එම පැරාමිතීන් ඉටු කරගැනීමට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව සාකච්ඡා කර, ජාත්‍යන්තර අරමුදල සමඟ ඇති ගිවිසුම බිඳනොවැටෙන ආකාරයේ වෙනස්කම්වලට යන බවද ඔහු සඳහන් කළේ

Read More

අලවතුගොඩ නගරයේ පිහිටි ආගන්තුක නිවාසයක සැක කටයුතු ලෙස රැඳී සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි .

Read More

ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය. ඒ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

Read More

කෝටිපති ව්‍යපාරිකයකු පැහැරගෙන ගොස් මෝටර් රථය තුළදීම ගෙල සිර කර මරා ඔහු ලඟ තිබු රුපියල් කෝටි 3 1/2ක මුදල් හා රන් ආභරණ තොගයක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දණ්ඩනය අද (04) නියම කළේය.

Read More

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබේ.

Read More

ලාෆ් කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කරනු ලබන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 1,477ක මිලකට අලෙවි කරයි.

Read More

පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් (04) දා උදෑසන ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි.

Read More

දැනට මෙරට වාර්ෂික පොල්තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 240,000කි. ඉන් මෙට්‍රික් ටොන් 40,000ක් දේශියව නිෂ්පාදනය කරන අතර ඉතිරි ප්‍රමාණය ආදේශක තෙල් සමග මිශ්‍ර කර පොල්තෙල් ලෙස වෙළෙඳපලට සැපයීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මකවන බැවින් පාරිභෝගිකයින්ට සත්‍ය ‌පොල්තෙල් හඳුනාගැනීම පිළිබඳව ගැටලුවක් පවතී.

Read More

මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවකුට කිසියම් පිරිසක් විසින් 03 වෙනිදා සවස හිසට වෙඩි හයක් පමණ තබා ඝාතනය කර ඇති බව ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි.

Read More

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත්, තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට පැවසීය.

Read More

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

Read More

රුපියල් ලක්ෂ තිස් තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු ද සමග 09/04 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

Read More

බටපොල මහගංගොඩ ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවෙකු (03) දියේ ගිලී මියගොස් ඇති බව බටපොල පොලීසිය කියයි.

Read More

පොළොන්නරුව දෙහිඅත්තකණ්ඩිය සේරුපිටිය ප්‍රදේශයේ පසුගිය දිනෙකින් පිහියෙන් ඇන තම පුතා මරණයට පත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරගතව කර සිටි අවුරුදු 47ක් වයසති අයෙකු 03 වෙනිදා සවස රිමාන්ඞ් බන්ධනාගාර තුළදී ගෙල වැලලා ගැනීමෙන් අසාධ්‍යව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව පොලිසිය කියයි.

Read More

2024 ජනාධිපතිවරණයේ ආරක්ෂක අංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ගේ තැපැල් ජන්දය විමසිම (04) දින උදැසන 8.30 ට ආරම්භ කළේය.

Read More

රුපියල් 60000/= ක අල්ලස් මුදලක් ලබාගත් කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

ඒ අනුව ජාතික ජන බලවේගයේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න කටයුතු කරන බවත්, එලෙස පරාජය කළ හැකි අය සමග සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළේය.

Read More

2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩිවීම සිදුවේ.

Read More

නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇතැයි ඊයේ (03දා) තීන්දු කළේය.

Read More

හිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩුවලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ඊයේ (03දා) නියෝග කළේය.

Read More

පිරමීඩාකාර මූල්‍ය ගනුදෙනුවලින් ජනතාවගේ රුපියල් කෝටි 1500ක් වංචා කළැයි කියන පොළොන්නරුවේ ‘ස්පොට්ස් චේන්’ නමැති පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ දෙවැනි පෙළ නායකයන් බව කියන සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03දා) නියම කළේය.

Read More

ගාල්ලට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් (කිලෝ මීටර් 501 ක් ) ගැඹුරු මුහුදේදී බහුදින යාත්‍රාවක් නෞකාවක හැපීමෙන් සිදුවු අනතුරකින් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් තිදෙනෙකු අතුරුදහන්වී ඇති අතර ධීවරයින් හතර දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවක් මගින් බේරා ගත් බව නාවික හමුදාව පවසයි.

Read More

එලඹෙන 22 වැනිදාවින් පසු ආර්ථික විප්ලවය ආරම්භ කර සෑම පළාතක්ම සම්බන්ධ කරගමින් අධිවේගී මාර්ග ආරම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.