කූට ලේඛන සකසා රුපියල් කෝටි තුනක් වටිනා දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් විශ්රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
නුගේගොඩ අධිකරණ බලප්රදේශයේ එම වංචාව සිදුකර තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
කිරිඳිවැල ප්රදේශයේ පදිංචි මෙම සැකකාරිය ජාඇළ කණුවන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 64 හැවිරිදි සැකකාරිය නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 මගින් පරීක්ෂණ පවත්වයි.